Pages

ජීවිතය

ජීවිතය

Monday, December 27, 2010

හදිස්සියක් වුනොත්

මම දැන් කියන්නේ උසස් පෙළ තර්ක ශාස්ත්‍රයට තියෙන පාඩමක් ගැන.ඒක උසස් පෙළ ට තිබුනට ඔය හැමෝටම වාගේ උවමනා වෙයි මගෙ හිතේ.මොකක්ද මේ හැබෑටම,මෙන්න මේකයි සිද්දිය logic වල එක පාඩමක් තියෙනවා "ආභාස" කියල පාඩමක්.කස්ටිය හිතනවා ඇති "ආභාස" කියන්නෙ මොකක්ද කියල.ඇත්තටම ආභාස කියන්නෙ "තාර්කික නීති රීති උල්ලංගනය කරමින් සප්‍රමාන වේෂයෙන් පෙනී සිටින නිෂ්ප්‍රමාන තර්ක".තාර්කික නීති රීති ගැන දැනගන්න ඕනිම නම් අහන්නකෝ මම කියන්නම්. දැන් මේ "ආභස"වල කොටස් දෙකක් තියෙනව.

01 රූපික ආභස

02 න-රූපික ආභස


‍මම රූපික ආභස ගැන කියන්න යන්නෙ නැහැ .මොකද උවමනා එක තියෙන්නෙ න-රූපික ආභාස වල.න-රූපික ආභාස වල තියෙනවා කොටස් 17 විතර ඒකෙන් එකක් තමයි "යදෘඡ්ඡන අභාසය" කියන්නෙ.ඔන්න අපි තැනට එන්ටැර් වුනා.
දැන් ඔයා හිතන්නකො කාටහරි film එකක් බලන්න යන්න පොරොන්දු වුනා කියල.කාටහරි හොදේ. මොකද අපේ කොල්ලො කෙල්ලෝ effeair තියාගන්නේ නැහැනෙ.හිකිස්........ දැන් ඔහොම පොරොන්දුව දීල ඔයා යනව එයාව මීට් වෙන්න.දැන් යනකොට ඔයාගෙ සෑක්කුවේ තියෙන phone එක රූං...රූං.....ගානවා.මළකෙළියයි....අම්මා! .ඕනදෙයක් වෙන්න කියල ඔයත් phone එක ආන්සැර් කොරනවා.මෙන්න අම්ම හති දදා කියනවා ග්‍රැනීට ගොක්කෙළ පේන්න අරගෙන මම දැන් හොස්පිටැල් එකේ ඉන්නෙ,ඉක්මනට ඉන්න දිහාවකින් මෙහෙට එන්න කියල.දැන් මොකද කොරන්නෙ, දීපු පොරොන්දු පැත්තකට දාල යනව හෙස්පිටෑල් එකට.එහෙට ගිහිල්ලා අම්මත් එක්ක තියෙන ඉතුරු වැඩත් කරල හවස එනව ‍home එකැට.පස්සෙ අනිත් දවසෙ යනව අර පොරොන්දුව දුන්න එක්කෙනා ගාවට.ඊට පස්සෙ එයා කියනවා අනේ රත්තරන්... හුටා.... යළුවො රත්තරන් කියන්නෙ නැහැනේද?එයා කියනවා අනේ ඔයා ආවෙ නැහැනෙ. මම බලාගෙන ටිකක් වෙලා ඉදල ගෙදර ගියා කියල.එහෙමද කියන්නෙ? මොන පිස්සුද දෙහි කපන්න ගන්නවනෙ දැකපු වෙලේ ඉදල. ආන්න ඒ වෙලාවට ඔයාට කින්න පුලුවන් මෙන්න මෙහෙම එහෙම කියන්න එපා "යදෘඡ්ඡන ආභාසෙ" ඇතිවෙනවා කියලා.ආ..... මම "යදෘඡ්ඡන ආභාෂ‍සය"කියන්නෙ මොකක්ද කියල කිව්වෙ නැහැ‍නෙ.
යදෘඡ්ඡන ආභාසය කියන්නෙ"සාමාන්‍ය අවස්ථාවකදි වරදක් ලෙස සලකන දෙයක් විශේෂ අවස්ථාවකදීත් වරදක් ලෙස සැලකීමයි."
සාමාන්‍ය අවස්ථාවකදී පොරොන්දු කඩකිරීම වරදක් වුවත් විශේෂ අවස්ථාවක් වූ ආච්චිට ගොක‍්කොළ පෙනීම නිසා පොරොන්දුව කඩකිරීම වරදක් නොවේ.එහෙම වරදක් ලෙස ඔයා පොරොන්දු දීපු කෙනා කව්වොත් "යදෘඡ්ඡන අභාසය"උද්ගත වෙනව කියල කියන්න.

හැබැයි මේවා කියන්න ගිහින් දෙහි කපන එකෙන් නවතින්නැතුව ගුටි කන්න වුනොත් මම එහෙම ඕන් නැහැ හරිද.ඒක නිසා පොරොන්දුව කඩකරන්න කලින් එයාටත් මේක ගැන කියල ‍දෙන්න.එතකොට හරි.

(අපහැදිලි තැන් තේරෙන්නැති තැන් තියෙනවනම් කියන්නකෝ.ඕන්නම් logic පන්තියක් වුනත් දාන්නම්.)

තව ඔයාලට විශේෂ‍යෙන් උසස් පෙළ logic කරන අය කියන්න, රූපික,න රූපික ගැන විස්තරාත්මකව කියන්නම්.

එහෙනම් නම් හොදද ,නරකද කියල කුණු හප්ප නැතිව ඕනි කමෙට්ටුවක් දාන්නකෝ

No comments:

Post a Comment

කස්ටියගේ වටිනා සිතුවලි වලින් බිදක් තබා යන්න.

ඔබ කැමතිද මෙම අඩවියට
ඔව්
නැත
Seriale online