Pages

ජීවිතය

ජීවිතය

Wednesday, January 5, 2011

සිංහල අක්ෂර මාලාව

අද මම කියන්න යන්නෙ ලාංකික අපි බොහෝ පිරිසක් භාවිතා කරන සිංහල අක්ෂර මාලාව ගැන මම දන්න අයුරින් ඔය කස්ටියව දැනුවත් කරන්න මමත් තවම ඉගෙන ගන්නවා ඒත් දන්න දේ හුවමාරු කරගන්න එක වටිනවා කියන එකයි මගේ අදහස.

සිංහල ලියන්න අපේ කස්ටිය අක්ෂර මාලාවක් භාවිත කරත් බොහෝ දෙනෙක් දන්නෙ නැහැනෙ මේ අක්ෂර ටිකවත්.අකුරු කීයක් තියෙනවද සිංහල හෝඩියට කියල ඇහුවොත් බොහෝ දෙනෙක් ඒක දන්නෙත් නැහැ.ඒක නිසා මම මේ අක්ෂර මාලාව ගැන දන්න ආකාරයට ඔය කස්ටියට කියන්නම්‍.වැරදි දෙයක් තියෙනවනම් මට කියන්න .ඒ වාගේම මේ පැත්තෙන් වැඩි දුර දන්න කස්ටිය ඉන්නවනම් මටත් ටිකක් කියල දෙන්න.

මේ ගැන ලියන්න කලින් තව දෙයක් කියන්න ඕනි ඒ තමයි "සුඡීව සිරිමෙවන් ඇදුරුතුමන්ට" ස්තූති කරන්න ඕනි.

ඔන්න එහෙනම් මම වැඩේ පටන් ගත්ත,

ලොකයේ භෂා දහස් ගණනක් ඇතත් ඒ සෑම භාෂාවකටම අක්ෂර මාලාවක් හෙවත් හෝඩියක් නොමැත.අක්ෂර මාලාවක් හෙවත් හෝඩියක් ඇත්තේ ලේඛන ක්‍රමයක් ඇත් භාෂාවකට පමණි. භාෂාවකට ප්‍රධාන ‍ප්‍රභේද 02 ක් පවතී.

01 කතා ව්‍යවහාරය (කට බස )‍‍

02 ලේඛන ව්‍යවහාරය

එදිනෙදා අප සමාඡයේ පුද්ගලයින් විසින් තම හැගීම් හා අවශ්‍යතා අනෙකුත් අය සමග හුවමාරු කර ගැනීමේ දී බෙහෙවින් භාවිත වන්නේ කතා ව්‍යවහාරයයි. භාෂාවක මුලින්ම පහළ වන්නේත් කතා ව්‍යවහාරයයයි. කතා ව්‍යවහාරය කිසියම් සංකේත ක්‍රමයක් මගින් සටහන් කොට තැබූ විට ලේඛන ව්‍යවහාරය පහළ වේ . ලේඛන ව්‍යවහාරය ‍වෙනස් නොවී පවතින අතර කතා ව්‍යවහාරය ඉක්මනින්ම වෙනස් වන නිසා කතා ව්‍යවහාරයත් ලේඛන ව්‍යවහාරත් අතර ප්‍රබල වෙනසක් හට ගනී. එහෙත් කතා කිරීමට අවශ්‍ය වන්නේ උච්චාරණේන්ද්‍රිය පද්ධතියක් පමණි.එසේ වුවද ලේඛනය සදහා අක්ෂර මාලාවක් අවශ්‍යවේ .

සෑම භාෂාවකටම ඒ එක් එක් භාෂාවන්ට අනන්‍ය වූ ශබ්ද මාලාවක් තිබේ. භාෂාවක ඇති එම ශබ්ද සංකේතවත් කරන "රූප මාලාව අක්ෂර මාලාවක් හෙවත් හෝඩියක් ලෙස හැදින්වේ".

සිංහල භාෂාව සතුව සියවස් ගණනක් පැරණි අඛන්ඩ ලේඛන සම්ප්‍රදායක් ඇත.එබදු අඛන්ඩ ලේඛන සම්ප්‍රදායක් පවතින බැවින්ම සිංහල භාෂාව සතුව අක්ෂර මාලාවක්ද තිබේ.එසේ වුවත් 13වන සියවස දක්වාම එක් තැන් කරන ලද අක්ෂර මාලාවක් හමුනොවේ.මුලින්ම එක්තැන් කරන ලද අක්ෂර මාලාවක් හමුවන්නේ "13 වන සියවසේ නැතහොත් දඹදෙණියුගයේදීය". දඹදෙණි යුගයේ "පතිරාඡ පිරිවෙන් පති හිමි" වන "විදේහ හිමියන් හෝ අනොම දස්සී හිමියන් "
අතින් රචනා වන්නට ඇතැයි සැළකෙන "සිදත් සගරාවෙහි" මුල්ම සිංහල හෝඩිය අන්තර්ගතව තිබේ. එය "සිදත් සගරා සිංහල හෝඩිය" නම් වේ.

එහෙනම් අදට මේ ටික ඇති එක දවසෙම ඔක්කෝම ටික කියන්න ඕනි නැහැනෙ.නේද ?එහෙනම් මම ඊළග පෝස්ට් එනකන් ඉතුරු ටික කියන්නම්.

No comments:

Post a Comment

කස්ටියගේ වටිනා සිතුවලි වලින් බිදක් තබා යන්න.

ඔබ කැමතිද මෙම අඩවියට
ඔව්
නැත
Seriale online