Pages

ජීවිතය

ජීවිතය

Sunday, January 29, 2012

කෙටි යෙදුම්

ඉතින් යාළුවනේ කොහොමද කට්ටියට ? මේ අවුරුද්දට මම දාන පළවෙනි පෝස්ට් එක තමයි මේක.මම හිතන්නේ මේ අවුරුද්ද මට ටිකක් හොද මදි වගේ මොකද,පටන් ගත්ත දවසෙ ඉදලම මට පෝරියල්මයි සෙට් වෙන්නෙ.

අද ඔයාලට මොනව කියන්නද කියල මම දන්නෙත් නෑ.ඒක නිසා මම කියන්නම් අපි එදිනෙදා භාවිත කරන කෙටි යෙදුම් වල තේරුම් ටිකක්.


CDMA Code Division Multiple Access

1995 ලෝකයේ මුල් වරට භාවිත විය.අද තෙවන පරම්පරාවේ හා රැහැන් රහිත ගෘහස්ථ දුරකථන වල බහුලව භාවිත වේ. මෙම තාක්ෂණය ක්‍රියාත්මක වන්නේ කේතයන් මුල් කොට ගෙනයි. මෙහිදී එක් දුරකථනයක් සඳහා විශේෂයෙන් වෙන්වූ නාලිකා නොමැත. යම් දුරකථන සංඥාවක් මුලු සංඛ්‍යාත පරාසය පුරාම විසුරුවා හරිනු ලැබේ. එම නිසා TDMAවලදී මෙන් පමාවක් ඇති නොවේ. සංඥාව හඳුනා ගැනීමට කේතයක් යොදනු ලැබේ. තවද ඇනලොග් ක්‍රමයේ යොදා ගැනෙන නාලිකාවක ඇති ඉඩකඩ හා සමාන ඉඩක CDMA වෙන වෙනම ඇමතුම් 8-10 ගණනකට ඉඩ ඇත.




ISDN Integrated Service Digital Network

සංගෘහිත සේවා අංකිත ජාලය

අධික වේගයක් සහිත දත්ත සම්ප්‍රේෂණ හැකියාව ඇති අංකිත දුරකථන සම්බන්ධතාවකි. හඬ, අකුරු,චිත්‍ර, වීඩියෝ ආදී දත්ත සම්භාරයක් විශ්වාසනීය ලෙස සම්ප්‍රේෂණය කළහැක.


GSM (Global System for Mobile Communication)

ජංගම දුරකථන සඳහා වූ ලෝක පද්ධතිය

TDMA හා FDMA දෙකෙහිම සුසංයෝගයකි. මෙම තාක්ෂණයේ ඇති විශේෂත්වය වන්නේ සිය භාවිත කරන්නන් හඳුනා ගැනීම සඳහා SIM (Subscriber Identification Module) කාඩ්පතක් යොදා ගැනීමයි. GSM දුරකථන වලට ඇතුල් කළ හැකි මෙම කාඩ්පතෙහි දුරකථන අංක දුරකථන සම්බන්ධතාව ආදී විස්තර අඩංගු වේ. (900 MHz- 1900MHz)



ADSL/DSL (Asymmetric Digital Subscriber Line)

අසමමිතික අංකිත ග්‍රාහක මාර්ගය

DSL යනු අන්තර්ජාල සේවා සම්පාදකයා සහ ග්‍රාහකයා අතර නොබි‍දෙන සම්බන්ධතාවක් ඇති කිරීමයි. මෙහි දත්ත ගලා යාමේ වේගය 56 kbps වඩා වැඩියි. (1.5-8Mbps) දත්ත බාගත හැකි පරාසය (පුළුල්පරාස) හා වේගයද වැඩියි. මෙහිදී සාමාන්‍ය දුරකථනයම භාවිත වන අතර දුරකථන පණිවුඩ ලබා ගැනීමට බාධාවක් නොවේ. නිතරම විවෘත තත්වයේ පවතී. මාසික ගාස්තුවක් අය කෙරෙන අතර ඊට දුරකථන ගාස්තුවක් අය නොකෙරේ.

අසමමිතික යන්නෙහි අදහස බාගත හා උඩුගත වේගයන් දෙකක් නිසා යැයි කියවේ.



GPRS (General Packet Radio Service)

සාමාන්‍ය පැකට්ටු රේඩියෝ සේවය

තත්පරයට කිලෝ බයිට් 56-114 ක් දක්වා වු වේගයන් සහිතව හැම විටකම විවෘතව පවතින ජංගම දුරකථන සම්මතයකි. රේඩියෝ තාක්ෂණය යොදා ගෙන ඇත.




ඔබ කැමතිද මෙම අඩවියට
ඔව්
නැත
Seriale online