Pages

ජීවිතය

ජීවිතය

Monday, July 4, 2011

NETWORK(නෙට්වර්ක්)

ගොඩාක් දවසකින් බ්ලොග් එක පැත්තෙ ආවේ.විභාගෙත් අත ලග ඉතින් මම හිතුවා මේපාර උසස් පෙළ තොරතුරු තාක්ෂණය කරන කට්ටියට වැදගත් වෙයි කියල හිතන දෙයක කොටසක් කියන්න.ඒ තමයි "network"

මේක මමත් ලගදි ඉගෙන ගත්තෙ.අනික මේක නෙට්වර්ක් කිවුවට උසස් පෙළට අදාල කාරණා විතරයි තියෙන්නේ.ඒක නිසා මේ සම්බන්ධව දැනුම තියෙන අය මට බනින්න එපා.පුළුවන්නම් එයාල දන්නදේත් මේකට කමෙන්ට් කරන්න.මේකෙ වැරදි එහෙම තියෙනවනම් කියන්න.


දත්ත සන්නිවේදනය හැදින්වීම
දත්ත එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙන යාම දත්ත සන්නිවේදනයයි. දුරාතීතයේ පටන් මේ දක්වා විවිධ ක්‍රම මේ සඳහා යොදා ගෙන ඇත. ශරීරාංග චලන අවස්ථාවේ සිට නූතන තාක්ෂණික මෙවලම් දක්වා විවිධ උපාංග සන්නිවේදනයට යොදා ගෙන ඇත.

දත්ත සන්නිවේදන පද්ධතියක උපාංග
1. සම්ප්‍රේෂකයා (sender, transmitter, source) යවන්නා
දත්ත හෝ තොරතුරු යවන්නා හෝ නිපදවන්නා හෝ බිහිවන ස්ථානයයි.
2. ලබන්නා (receiver)
දත්ත ලබා ගන්නා තැනැත්තා හෝ ප්‍රභවයයි.
උදාහරණ- ඔබ මිතුරෙකුට දුරකථන පණිවුඩයක් ලබා දුන්නේ නම් දත්ත උපදවන්නේ ඔබයි. මිතුරා ලබන්නායි.

3.සන්නිවේදන මාධ්‍යය
දත්ත සම්ප්‍රේෂකයාගේ සිට ලබන්නා දක්වා දත්ත ගෙන යනු ලබන මාධ්‍යයයි. මේ සඳහා නොයෙක් ආකාරයේ මාධ්‍යයන් භාවිත වේ. එම මාධ්‍යයන් ප්‍රධාන ආකාර දෙකකි.
1. නියමු මාධ්‍යය
Guided media
2. විකිරණ මාධ්‍යය
Radiated media


නියමු මාධ්‍යය(guided media)
දත්ත සන්නිවේදනය සඳහා කිසියම් භෞතික මාධ්‍යයක් භාවිත වේ.
උදා-
විවෘත යොත් (open wire)
ඇඹරුම් යුගල (twisted pair)
සමාක්ෂක යොත් (Coaxial cable)
ප්‍රකාශ තන්තු (fiber optics)


විකිරණ මාධ්‍යය (Radiated media)
මෙහිදී කිසිදු භෞතික මාධ්‍යයක් යොදා නොගනී.
උදා-
ගුවන් විදුලි තරංග (Radio wave)
අධෝරක්ත කිරණ‍ (Infra red)
ක්ෂුද්‍ර තරංග (Micro waves)
සන්නිවේදන චන්ද්‍රිකා (communication satellites)


4.නියමාවලි protocol
පරිගණක දෙකක් අතර සන්නිවේදන කාර්යයන් සඳහා යොදා ගන්නා පිළිගත හැකි ක්‍රියාදාමයයි. දත්ත සන්නිවේදනය සඳහා උපාංග දෙක අතර සකස් වන තෙක් ඇති ගිවිසුමකි.
උදාහරණයක් ලෙස මව් භාෂාව ලෙස ඉංග්‍රීසි දන්නා කෙනෙකුට සන්නිවේදන කටයුතු කළ යුත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි.
Synchronization
Acknowledgment


5.සංඥා(signal)
ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී සංඥාවක් ලෙස හඳුන්වන්නේ කාලයක් සමඟ වෝල්ටීයතාවේ හෝ ධාරාවේ ඇතිවන වෙනසකි. මෙහිදී සංඥා වර්ග දෙකක් ඇතිවේ.
ප්‍රතිසම (Analog signal)

අංකිත සංඛ්‍යාංක(digital signal)

No comments:

Post a Comment

කස්ටියගේ වටිනා සිතුවලි වලින් බිදක් තබා යන්න.

ඔබ කැමතිද මෙම අඩවියට
ඔව්
නැත
Seriale online