Pages

ජීවිතය

ජීවිතය

Friday, December 31, 2010

සුබ අලුත් අවුරුද්දක් !

ඕන්න 2010 අවුරුද්ද නිම වෙලා 2011 අවුරුද්ද ලබනවා.හැමෝම වාගේ සතුටින් ඇති කියල හිතනව මොකද ඉතින් අලුත් අවුරුද්දක්නෙ. නේද?ඒත් මේ අවුරුද්දට මට නම් ටිකක් බය හිතෙනවා මොකද උසස්‍ පෙළ විභාගෙ 2011 අවුරුද්දෙනෙ.බයයි කියල බෑ.ඒක ලියන්නම ඕනිනෙ.දැන්වත් ටිකක් වැඩිපුර පුටුව රත් කොරන්න ඕනි නැත්තම් ඉතින් සොරිම තමා. නැද්ද?ඒත් ඉතින් මේ වැඩත් එක්ක ඒකටත් වෙලාව හොයන් හරි අමාරුයි බං.ඒක නිසා කට්ටියටම සුබ පතන්න හිතුවා මේ වෙලාවෙ.

ඕන්න එහෙනම් ,blog ලියන කස්ටියටයි,ඒ ලියන ඒවා කියවන අයටයි,ඇතුළුව අනිත් හැමෝටම මම සුබ පතනවා ලැබුවා වූ මේ 2011 සුබ අලුත් අවුරුද්ද කිසිදු කරදරයක් නැතිව,දුකක් නැතිව,කරන වැඩ ඉතා හොදින් කරගෙන යන්නත්,රැකියා කටයුතු කරන අයට තව තව තනතුරු වැඩියෙන් හම්බෙන්නටත් තමාගේ අරමුණු සියල්ලක්ම හිතුවාටත් වඩා හොදින් සාර්ථක වෙන්නටත් මේ මම ප්‍රාර්ථනා කරනවා. ඔය හැමෝම වෙනුවෙන්. ඔන්න එහෙනම් මම ගියා.

ආ........... අමතක වුනා . විශේෂයෙන් සුබ පතනව මේ සැරේ උ/පෙළ ලියන අයට මොකද මමත් එක්කනෙ ලියන්නෙ.

ඕන්න දැන්නම් මම ගියා.

Thursday, December 30, 2010

PYTHON

1991 දී "ගුයිට් වැන්ට් රොසම්"("GUIDO VAN ROSSUM) විසින් නිර්මාණය කරන ලද පරිගණක භාෂාවකි.මෙම පරිගණක භාෂාව තුලින් "රොසම්" බලාපොරොත්තු වූයේ ,

ඉහළ මට්ටමේ දත්ත වර්ග භාවිතය(HIGHT LEVEL DATA TIPE)

විතන්‍යතාව එහෙමත් නැත්නම් වැඩි දියුණු බව (EXTENDIBILITY)

අනුඡේදනය(cryplic)

අර්ධ වින්‍යාසකය (interpreter)

විධානවලී භාෂාවක්(scripting hanguage)

"රොසම්" මොනවා බලාපොරොත්තු වුනත් භාවිතා කරනවද,නැතිද, කියල තීරණය කරන්නෙ අපිනෙ ඒක නිසා මම කියන්නම් මේකෙ තියෙන වාසි ටික

01 මෙය නිදහස් මූලාශ්‍ර මෘදුකාංගයක්

02 ඉතා ගුණාත්මයෙන් ඉහළ මෘදුකාංග සකස් කිරීමට හැකි වීම

03 නිශ්පාදන (සංවර්ධන) ඵලදායීතාවය වැඩි වීම

04 වැඩසටහනේ සුවහසනීතාවයේ පහසුව

05 විශාල වැඩසටහන් පුස්ථකාලයක් පැවතීම

06 සන්රචක ඒකාබද්ධ කිරීමේ හැකියාව

පයිතන් වලින් සකස් කරන ලද ලොව ප්‍රසිද්ධ පරිගණක වැඩසටහන්

01 YAHOO

02 YOUTUBE

03 GOOGLE

04 EVE on line

05 HOME GOIN

ඉතුරු ටික ඊලග පොස්ට් එකෙන් බලමු හොදේ

Monday, December 27, 2010

හදිස්සියක් වුනොත්

මම දැන් කියන්නේ උසස් පෙළ තර්ක ශාස්ත්‍රයට තියෙන පාඩමක් ගැන.ඒක උසස් පෙළ ට තිබුනට ඔය හැමෝටම වාගේ උවමනා වෙයි මගෙ හිතේ.මොකක්ද මේ හැබෑටම,මෙන්න මේකයි සිද්දිය logic වල එක පාඩමක් තියෙනවා "ආභාස" කියල පාඩමක්.කස්ටිය හිතනවා ඇති "ආභාස" කියන්නෙ මොකක්ද කියල.ඇත්තටම ආභාස කියන්නෙ "තාර්කික නීති රීති උල්ලංගනය කරමින් සප්‍රමාන වේෂයෙන් පෙනී සිටින නිෂ්ප්‍රමාන තර්ක".තාර්කික නීති රීති ගැන දැනගන්න ඕනිම නම් අහන්නකෝ මම කියන්නම්. දැන් මේ "ආභස"වල කොටස් දෙකක් තියෙනව.

01 රූපික ආභස

02 න-රූපික ආභස


‍මම රූපික ආභස ගැන කියන්න යන්නෙ නැහැ .මොකද උවමනා එක තියෙන්නෙ න-රූපික ආභාස වල.න-රූපික ආභාස වල තියෙනවා කොටස් 17 විතර ඒකෙන් එකක් තමයි "යදෘඡ්ඡන අභාසය" කියන්නෙ.ඔන්න අපි තැනට එන්ටැර් වුනා.
දැන් ඔයා හිතන්නකො කාටහරි film එකක් බලන්න යන්න පොරොන්දු වුනා කියල.කාටහරි හොදේ. මොකද අපේ කොල්ලො කෙල්ලෝ effeair තියාගන්නේ නැහැනෙ.හිකිස්........ දැන් ඔහොම පොරොන්දුව දීල ඔයා යනව එයාව මීට් වෙන්න.දැන් යනකොට ඔයාගෙ සෑක්කුවේ තියෙන phone එක රූං...රූං.....ගානවා.මළකෙළියයි....අම්මා! .ඕනදෙයක් වෙන්න කියල ඔයත් phone එක ආන්සැර් කොරනවා.මෙන්න අම්ම හති දදා කියනවා ග්‍රැනීට ගොක්කෙළ පේන්න අරගෙන මම දැන් හොස්පිටැල් එකේ ඉන්නෙ,ඉක්මනට ඉන්න දිහාවකින් මෙහෙට එන්න කියල.දැන් මොකද කොරන්නෙ, දීපු පොරොන්දු පැත්තකට දාල යනව හෙස්පිටෑල් එකට.එහෙට ගිහිල්ලා අම්මත් එක්ක තියෙන ඉතුරු වැඩත් කරල හවස එනව ‍home එකැට.පස්සෙ අනිත් දවසෙ යනව අර පොරොන්දුව දුන්න එක්කෙනා ගාවට.ඊට පස්සෙ එයා කියනවා අනේ රත්තරන්... හුටා.... යළුවො රත්තරන් කියන්නෙ නැහැනේද?එයා කියනවා අනේ ඔයා ආවෙ නැහැනෙ. මම බලාගෙන ටිකක් වෙලා ඉදල ගෙදර ගියා කියල.එහෙමද කියන්නෙ? මොන පිස්සුද දෙහි කපන්න ගන්නවනෙ දැකපු වෙලේ ඉදල. ආන්න ඒ වෙලාවට ඔයාට කින්න පුලුවන් මෙන්න මෙහෙම එහෙම කියන්න එපා "යදෘඡ්ඡන ආභාසෙ" ඇතිවෙනවා කියලා.ආ..... මම "යදෘඡ්ඡන ආභාෂ‍සය"කියන්නෙ මොකක්ද කියල කිව්වෙ නැහැ‍නෙ.
යදෘඡ්ඡන ආභාසය කියන්නෙ"සාමාන්‍ය අවස්ථාවකදි වරදක් ලෙස සලකන දෙයක් විශේෂ අවස්ථාවකදීත් වරදක් ලෙස සැලකීමයි."
සාමාන්‍ය අවස්ථාවකදී පොරොන්දු කඩකිරීම වරදක් වුවත් විශේෂ අවස්ථාවක් වූ ආච්චිට ගොක‍්කොළ පෙනීම නිසා පොරොන්දුව කඩකිරීම වරදක් නොවේ.එහෙම වරදක් ලෙස ඔයා පොරොන්දු දීපු කෙනා කව්වොත් "යදෘඡ්ඡන අභාසය"උද්ගත වෙනව කියල කියන්න.

හැබැයි මේවා කියන්න ගිහින් දෙහි කපන එකෙන් නවතින්නැතුව ගුටි කන්න වුනොත් මම එහෙම ඕන් නැහැ හරිද.ඒක නිසා පොරොන්දුව කඩකරන්න කලින් එයාටත් මේක ගැන කියල ‍දෙන්න.එතකොට හරි.

(අපහැදිලි තැන් තේරෙන්නැති තැන් තියෙනවනම් කියන්නකෝ.ඕන්නම් logic පන්තියක් වුනත් දාන්නම්.)

තව ඔයාලට විශේෂ‍යෙන් උසස් පෙළ logic කරන අය කියන්න, රූපික,න රූපික ගැන විස්තරාත්මකව කියන්නම්.

එහෙනම් නම් හොදද ,නරකද කියල කුණු හප්ප නැතිව ඕනි කමෙට්ටුවක් දාන්නකෝ

Sunday, December 26, 2010

ක්ෂුද්‍ර සකසනය(MICROPROCESSOR)




මධ්‍ය සැකසුම් ඒකකය ( CPU )
පාලන ඒකකය ( CU )
ගණිත හා තාර්කික ඒකකය (ALU) ARILTEMATIC AND LOGICAL UNIT
රෙඡිස්ටර් (REGISTER)


ක්ෂද්‍ර සකසනය තුළ මධ්‍ය සැකසුම් ඒකකය අඩංගුවේ.

මධ්‍ය සැකසුම් ඒකකය ( CPU )
මධ්‍ය සැකසුම් ඒකකය පරිගණකයේ සියලු ක්‍රියා කාරකම් සිදුකිරීම සදහා පවතින උපාංගයයි.මධ්‍ය සැකසුම් ඒකකය ප්‍රධාන කොටස් තුනකි.


1
පාලන ඒකකය 2 ගණිත හා තාර්කික ඒකකය
3 රෙඡිස්ටර්


පාලන ඒකකය යනු පරිගණකයේ සියලුම ක්‍රියාවලීන් පාලනය හා ඒවා සම්බන්ධ කිරීම සදහා ක්‍රියාත්මක කරනු ලබන ඒකකයයි.
ගණිත හා තාර්කික ඒකකය යනු මූලික ගණිත ක්‍රියාවලි( -, + , / , * ) හා තාර්කික ක්‍රියාවලි (= ,> , < , <= , >= , not ,or ) සිදු කරනු ලබන ඒකකයයි.සැබවින්ම දත්ත සකස් කිරීම සිදුවන්නේ මෙම ඒකකය තුළය.
රෙඡිස්ටරය යනු මධ්‍ය සැකසුම් ඒකකය සතු කුඩා මතකයන් ය.මෙහි දත්ත සැකසුම වේගවත් කිරීම සදහා ක්ෂනිකව අවශ්‍යවන තුඩා දත්ත රදවා තබාගනී.

Saturday, December 25, 2010

RAM



කිසියම් තොරතුරක් උපදෙස් සහිතව ආදාහනය කරන විට RAM නැතහොත් සසම්බිවී ප්‍රවේශ මතකයට(RANDUM ACCESS MEMORY)ගමන් කර ප්‍රතිදානය තුළින් දර්ශනයවේ .දත්ත සකස් කිරීම සදහා ALU එනම්,ගණිත හා තාර්කික පද්ධතියටද යැවිය යුතුය.මෙම පද්ධතීන් සියල්ලක්ම පාහේ සම්භන්ධීකරණය කෙරෙන්නේ පාලන ඒකකය මගින්ය. ද්විතීයික සසම්භාවී ප්‍රවේශ මතකයේ ඇත්තේ කෙටි කාලීන මතකයකි. යම් විටෙක විදුලිය විසංදි වුවහොත් එහි ඇත් සියලු දත්ත මැකී යයි. ඒවා නැවත භාවිතයට ගත නොහැක. නමුත් ද්විතීයික ගබඩා කිරීමේ පද්ධතිය මගින් මෙම ගැටළුව මග හැරී යයි.එහි දත්ත සදාකාලිකවම හාඩ් ඩිස් එක තුළ සටහන් වේ.

Friday, December 24, 2010

තොරතුරු සන්නිවේදනයේ අවාසි 03

පරිගණක අපරාධ නම් අපරාධ වර්ගයක් බිහිවීම.
අනවසරයෙන් යම් පුද්ගලයෙකුගේ පරිගණකයක් තුළට හෝ පරිගණක දත්ත ගබඩාවක් තුළට පිවිසීම.නැතහොත් විවිධ ආචනයන් ඔස්සේ බුද්ධිමය දේපල සොරා ගැනීම , පිටපත් කිරීම හෝ විකිණීම එසේ නොමැති නම් පරිගණකය සහ අන්තර් ඡාලය භාවිතා කරමින් සිදුකරනු ලබන ක්‍රෙඩිට් කාඩ් හා මූල්‍යමය වංචා ,ළමුන් නොමග යැවීම හෝ අපයෝඡනයට යොදා ගැනීම(ළමුන් කියන්නෙ මේ.....අපි නේද?) ,සදාචාර විරෝධී අසභ්‍ය දේ ප්‍රකාශයට පත් කිරීම. වැනි කරුණු මේ යටතට ගෙනහැර දැක්වීමට ඇහැකි.
(ඇහැකි-පුළුවන්)

Thursday, December 23, 2010

තොරතුරු සන්නිවේදනයේ අවාසි 02

ගෝලීය කරණය සහ ප්රාදේශීය කරණය. (GLOBALIZATION &LOCALIZATION)
‍ගෝලීය කරණය යනු ලෝකයේ දියුණු රටවල් නොදියුණු රටවල දියුණු නගර සම්බන්ධ කරමින් I.C.T. ක්රියාත්මක වීම මත දියුණු රටවල පුද්ගලයන් ක්රියා කරන ආකාරය,සමාඡ ඥාණය සියලු දේ තොරතුරු ලෙස නොදියුණු රටවල දියුණු නගර වෙත සන්නිවේදනය වේ.එහිදී එම රටවල I.C.T. වලට සම්බන්ධ විය හැකි පුද්ගලයින්ගේ මනස දියුණු රට වල ඡනප්රිය සංස්කෘතිය අනුකරණය කරයි. එවිට නොදියුණු රට වල දියුණු නගර වල පුරවැසියන් විශ්වීය පුරවැසියන්ගේ අනුකරණයන් බවට පත්වී තම ආකල්ප, මුදල්, දැනුම,බුද්ධිය,සදාචාරය වැනි සියලු දේ දියුණු රට වල මූල්‍ය කිරීම සිදු වේ.
මෙහිදී සිදුව්නේ මුදල්, දැනුම,බුද්ධිය හා සමාඡ තත්වයන් හීන පුද්ගලයින් සුපිරි සමාඡයට පිවිසීමේ නොහැකියාව මත තව දුරවත් හුදෙකලා වීමයි.

තොරතුරු සන්නිවේදනයේ අවාසි 01

මෙම මාතෘකාව මම පියවර කිහිපයක් ඔස්සේ කතා කරන්න හදන්නෙ.ඒ අනුව පළමු පියවර ලෙස ගන්නේ
අංකිත බෙදුම(Digital divide)
අංකිත බෙදුම ලෙස සරලව ගැනෙන්නේ තොරතුරු සන්නිවේදනය දන්නා අය සහ නොදන්නා අය වශයෙනි.
තොරතුරු සන්නිවේදන තාක්ෂණයට පිවිසීවීමට හැකි ආර්ථික තත්වයත් දැනුමත් අවියක් ලෙස ගෙන තම දැනුම , ආර්ථික ශක්තිය හා සමාඡ තත්වය ඉහල නංවා ගන්නා අතර තොරතුරු සන්නිවේදන තාක්ෂණය නොදන්නා පුද්ගලයන් සිටි ස්ථානයේ රැදීම හෝ පහලට වැටීම මත උගත් නූගත් ,නැති හැකි හා ඉහළ සමාඡ හා පහළ සමාඡ යන පරතරය ඉතාමත් වැඩිය.මේ හේතුව මත තොරතුරු සන්නිවේදන තාක්ෂණය සමාඡ විෂමතාවක් ගොඩනගයි.

Wednesday, December 22, 2010

සිංහල භාවිත යෙදුම්

සිංහල භාවිත යෙදුම්

සිංහල Unicode භාවිතය ඇරඹී ගත වී ඇත්තේ කෙටි කාලයක්‌ පමණක්‌ නමුත් දැනටමත් ඒ

අනුසාරයෙන් ආකර්ෂණීය යෙදුම් සැලකිය යුතු ප්‍රමාණයක්‌ නිර්මාණය වී ඇත. වෙබ්

බ්‍රවුසර හා ඊමේල් ලිපි යෙදුම් ආදිය මීට අයත් ය. මේ යෙදුම් මඟින් සිංහලෙන්

සයිබර් අවකාශයේ සැරිසරන්නට රුචි කරන්නන්ට අවශ්‍ය නිදහස හිමි වී ඇත.

සිංහල වෙබ් අඩවි හා බ්ලොග් අඩවි

සිංහලෙන් පරිශීලනය කළ හැකි වෙබ් අඩවි හා බ්ලොග් අඩවි රාශියක්‌ අන්තර්ජාලයේ

පවතී. විශේෂයෙන් S%ලංකාව තුළ වෙළෙඳ හා වෙළෙඳ %චාරණ කටයුතු සඳහා

අන්තර්ජාලය තුළ මනා පරිසරයක්‌ නිර්මාණය වී ඇත. සිංහලෙන් බ්ලොග් ලිවීම යෞවනයන්

ගේ අලුත් විලාසිතාවක්‌ බවට පත් වී ඇත.

වෙබ් අඩවි අතරින් රාජH අංශයේ වෙබ් අඩවි කැපී පෙනේ. ICTA ආයතනය මඟින් බොහෝ

රාජH ආයතන සඳහා වෙබ් අඩවි නිර්මාණය කර ඇති අතර මේ මඟින් කිසිදු

රස්‌තියාදුවකින් තොරව තොරතුරු ලබා ගැනීමට හා කටයුතු ඉටු කර ගැනීමට සාමානH

ජනතාවට අවස්‌ථාව ලැබේ.

ඔබේ පරිගණකයේත් සිංහල Unicode පිහිටුවා ගන්න

ඔබේ පරිගණකයේත් සිංහල Unicode පිහිටුවා ගන්න

Microsoft සමාගමෙන් නිකුත් කරනු ලැබූ Windows XP service pack 2 සහ ඉන් පසු

නිකුත් කළ Windows Vista හා Windows 7 මෙහෙයුම් පද්ධති Unicode කේත ක්‍රමයට

අනුකූලතාව දක්‌වයි. මීට අමතරව Linux, Debian, Ubuntu වැනි විවෘත මෙහෙයුම්

පද්ධතිවල ද සිංහල Unicode පිහිටුවා ගත හැකි ය. මේ සඳහා අනුගමනය කළ යුතු

s%යා පටිපාටිය පිළිබඳ උපදෙස්‌ හා බාගත කළ යුතු සහායක ගොනු www.siyabas,lk

වෙබ් අඩවියෙන් පහසුවෙන් නොමිලේ ලබාගත හැකි ය. මීට අමතරව යුනිකෝඩ් සම්බන්ධව

මතු වන ඕනෑ ම ගැටලුවක්‌ නිරාකරණය කර ගැනීමට අන්තර්ජාලය තුළ ඒ පිළිබඳ

විද්වතුන් එකතු වී සිංහල යුනිකේත සමූහයක්‌ ගොඩනංවා ඇත.

http//:groups.google.com/group/sinhala-unicode ඔස්‌සේ ඔවුන්ගේ සහායද ලබාගත

හැකිය

Monday, December 20, 2010

මොකක්‌ ද මේ UNICODE?

මොකක් මේ UNICODE?

e-ලෝකයේ සීමා මායිම් බිඳ දමන Unicode යනු ලෝකයේ ඇති සෑම භාෂාවක , සෑම අකුරකට

තනි විශ්වීය අනන්යතාවක්ලබා දෙන කේත මයකි. මෙමඟින් ලෝකයේ ඇති සෑම

අක්ෂරයකට ඊට පමණක්අනන්Hh වූ අංකයක්ලබා දෙයි. මෙමඟින් සෑම භාෂාවකට

සෘජු හැඳිkaùමක්පරිගණකය තුළින් ලැබෙන අතර එය භාවිත වන පරිගණක පද්ධතියෙන්

හෝ වැඩසටහනෙන් හෝ ස්වායත්ත වෙයි. මෙමඟින් ඕනෑ රටක වැසියකුට ඕනෑ මෙහෙයුම්

පද්ධතියක්තුළ තම මවු භාෂාවෙන් ලිවීම් හා කියවීම් කටයුතු කිරීමට අවස්ථාව

ලැබේ. දැනට මෙම %මයෙන් ලෝකයේ භාෂා රැසක අක්ෂර 100,713ක්පමණ කේතනය කර

ඇත.

Microsoft, IBM, Apple, HP, Just System, Oracle, Sun ආදී ලෝකයේ පරිගණක

ක්ෂේත්රයේ නියමු ආයතන සියල්ල පාහේ දැන් Unicode සම්මතයන්ට හැඩගැසී ඇත.

එමෙන්ම මෑතකාලීනව නිර්මාණය වුණු බොහෝ මෙහෙයුම් පද්ධති වෙබ් බ්රවුසර හා

අනෙකුත් නිපැයුම් බොහොමයක්Unicode සඳහා සහාය දෙයි. පරිගණක ලෝකයේ විශ්ව

අක්ෂර පද්ධතියක්නිර්මාණය කර ගැනීම සඳහා වූ නිල ක්රමවේදය ලෙස පිළිගැනෙන්නේ

Unicode කේත ක්රමයයි.

ඔබ කැමතිද මෙම අඩවියට
ඔව්
නැත
Seriale online