Pages

ජීවිතය

ජීවිතය

Sunday, December 19, 2010

පරිගණකයේ සියබස්‌ අතික්‍රමණය සිංහල යුනිකෝඩ්

පරිගණකයේ සියබස්‌ අතික්‍රමණය සිංහල යුනිකෝඩ්

අද අප පසු කරන්නේ තොරතුරු තාක්‌ෂණයේ ස්‌වර්ණමය යුගයයි. සන්නිවේදනයේ ආධිපත්‍යය

ලෝකයේ සෑම අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ම වේගයෙන් විහිදී යන්නේ විශ්ව ගම්මානයේ

වපසරිය තව තවත් හකුළුවමිනි. නූතන තාක්‌ෂණික ලෝකයේ තොරතුරු දැනගැනීමේ අයිතිය

සෑම මිනිසකු ම සතු විය යුතු මානව හිමිකමක්‌ බවට පත් ව තිබේ. කිසිවකු ගේ වයස,

දේශය, භාෂාව, ජාතිය ආදී සාධක ඊට බාධාවක්‌ නො විය යුතු ය. ලෝකයේ ඉදිරි ගමනත්

සමග එකී නිදහසට පවතින සමාජයීය තාක්‌ෂණික සීමා මායිම් එක පෙළට බිඳ වැටෙමින්

පවතින්නේ අනාගතය පිළිබඳ සුබ පෙරනිමිති පහළ කරමිනි

සාඩම්බර ඉතිහාසයක්‌ හිමි ශේ්‍රෂ්ඨ ව්‍යවහාර භාෂාවක්‌ වන සිංහලය තොරතුරු

තාක්‌ෂණික ලෝකයේ තම අනන්‍යතාව තහවුරු කරගන්නේ මෙබඳු සන්දර්භයක්‌ තුළ ය. ඈත

ගම් දනව්වක ජීවත් වන ගොවි මහතකුට මෙන්ම රටින් දුර බැහැර ව විදෙස්‌ගත වී සිටින

අයකුට ද කිසිදු බාධාවකින් තොර ව තම මවු භාෂාවෙන් ම සියලු කටයුතු කරගැනීමට

හැකි පොදු වේදිකාවක්‌ දැන් විවර වී තිබේ.

නො හඳුනන සිංහල

පරිගණකය ආශ්‍රිතව සිංහල භාෂාවෙන් කටයුතු කිරීමට බොහෝ කාලයකට පෙර හැකි ව

තිබුණත් ඒ සඳහා නිවැරැදි සහ සම්මත ක්‍රමවේදයක්‌ භාවිත වී නො තිබිණි. සිංහල

මෘදුකාංග, සිංහල වෙබ් අඩවි සැලකිය යුතු ප්‍රමාණයක්‌ නිර්මාණය වී තිබුණු නමුත්

ඒවා පරිශීලනයට විවිධ බාධා පැනනැඟී තිබිණි. සිංහලෙන් යතුරු ලියනය කළ හැකි

යතුරුපුවරු කිහිපයක්‌ හා අකුරු මෝස්‌තර රැසක්‌ සාමාන්‍ය කටයුතු සඳහා භාවිත

විය. එහෙත් මෙතෙක්‌ කල් පරිගණකයේ සිංහලෙන් ලිවීමට භාවිත කළ ක්‍රමවේදයන් තුළ

වූ වැඩසටහන්වලට තවදුරටත් වර්ධනය වීමට නොහැකි අන්දමේ බරපතල බාධාවක්‌ විය.

පරිගණකය සැබෑවට ම සිංහල භාෂාව නො හැඳිනීමයි.

සාමාන්‍යයෙන් අපි සිංහල අකුරක්‌ යතුරුලියනය කළ විට පරිගණකය හඳුනාගන්නේ යතුරු

පුවරුවේ ඊට අනුරූප ඉංග්‍රීසි අකුර හෝ අකුරු පෙළ ය. ඉන්පසු පරිගණකය එම යතුරු

සංයෝජනයට අදාළව එයට ඇතුළත් කර ඇති. නිශ්චිත සංකේතයක්‌ තිරයට යොමු කරයි. අපි

සිංහල අකුරක්‌ ලෙස හඳුනාගන්නේ මෙම සංකේතයයි.

මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් සිංහලෙන් කරන ලියකියවිලි කටයුතු පරිගණකය

ආධාරයෙන් කරගත හැකි වුවත් එය භාවිතයේ දී විවිධාකාර අපහසුතා සහ දුර්වලතා රැසකට

මුහුණ දීමට සිදු වේ. ප්‍රධාන ගැටලුවක්‌ වන්නේ යම් ලිපියක්‌ යතුරුලියනය කර

වෙනත් පරිගණකයක විවෘත කළ විට එහි ඊට අදාළ අකුරු වර්ගය නැත්නම් ලිපිය

නිවැරැදිව දර්ශනය නො වීමයි. අන්තර්ජාලයේ කටයුතු කිරීම්වල දී මෙය බරපතල

බාධාවකි. මෙය සිදු වන්නේ සම්මත යතුරු පුවරුවක්‌ නොමැතිකම නිසා ය.

අනෙක්‌ අතට පරිගණකය සිංහල ලිපිය හඳුනාගන්නේ ඉංග්‍රීසි අකුරුවලින් සෑදුණු වචන

කාණ්‌ඩ සමූහයක්‌ ලෙස නිසා යතුරු ලියනය කරන මෘදුකාංගයේ ඉංග්‍රීසි ස්‌වයං

නිවැරැදි කරන යෙදුමක්‌ ඇත්නම් ලිපිය වැරැදි වචනවලින් සමන්විත වූවක්‌ ලෙස

පෙන්වා දෙයි. සිංහල වචන සමූහයක්‌ අකාරාදී අනුපිළිවෙළකට සැකසීම ආදී භාෂා

පරිහරණයේ වර්ධිත අවස්‌ථාවන්ට යැමට නොහැකි වන්නේ ද මෙලෙස පරිගණකය සිංහල භාෂාව

නො හැඳිනීම නිසා ය.

විශ්ව ව්‍යාප්ත භාෂාවක්‌ කරා..

පරිගණකගත සිංහල හෝඩියේ තිබූ දුර්වලතා මඟහරවාගනිමින් විශ්ව ව්‍යාප්ත

ප්‍රමිතිගත පරිගණක භාෂාවක්‌ බවට සිංහල භාෂාව පත් කිරීමේ අවශ්‍යතාව බොහෝ කලකට

පෙර සිට ම මතු වී තිබිණි. එබන්දකින් තොර ව තොරතුරු තාක්‌ෂණයේ අසීමිත

ප්‍රතිලාභ නෙළා ගැනීමට රටක්‌ වශයෙන් අපට නොහැකි වන බව ඉතා පැහැදිලිව පෙනී යන

කරුණකි. මහාචාර්ය වී. කේ. සමරනායක, මහාචාර්ය ඡේ. බී. දිසානායක, මහාචාර්ය

ගිහාන් ඩයස්‌ ආදී විද්වතුන් ප්‍රමුඛව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන

නියෝජිත ආයතනය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, කොළඹ විශ්වවිද්‍යාලය, මොරටුව

විශ්වවිද්‍යාලය, හා ආතර් සී. ක්‌ලාක්‌ මධ්‍යස්‌ථානය වැනි ආයතන මෙම අරමුණ ඉෂ්ට

කර ගැනීම සඳහා සාමූහික ප්‍රයත්නයක නිරත විය. මේ සඳහා ඔවුන් භාවිත කළ ආයුධය

වූයේ Unicode (යුනිකෝඩ්) කේත ක්‍රමය ය. විවිධ බාධක මැදින් වසර ගණනාවක්‌

තිස්‌සේ කළ බැරෑරුම් ව්‍යාපාරයක යහ ඵල විඳින්නට අද ශ්‍රී ලාංකිකයන්ට හැකි ව

තිබේ.

90 දශකයේ පටන් ඇරඹූ සිංහල සම්මතව පරිගණකගත කිරීමේ ව්‍යායාමයේ දී සිංහල

අකාරාදිය පිළිබඳව එකඟතාවකට පැමිණීම, තොරතුරු හුවමාරුව සඳහා වූ සම්මත සිංහල

කේත ක්‍රමයක්‌ SLS 1134 ලෙස සම්මත කර ගැනීම ආදිය ඉටු කෙරිණි. 2002 වසරේ දී

යුනිකෝඩ් ක්‍රමයට අනුකූල සිංහල අකුරු මෝස්‌තර හෙවත් ෆොන්ට්‌ස්‌ නිර්මාණය සඳහා

කමිටුවක්‌ පත් කෙරුණු අතර එමඟින් සිංහල යුනිකෝඩ් කේත ක්‍රමය දියුණු කිරීම,

සිංහල යුනිකෝඩ් අකුරු වර්ග නිර්මාණය, සම්මත සිංහල යතුරු පුවරුවක්‌ හඳුන්වා

දීම හා ප්‍රමිතිගත පරිගණක යෙදුම් හා උපයෝගී මෘදුකාංග නිපදවීම ආදී බොහෝ කටයුතු

සිදු විය. මීට සමගාමීව දෙමළ භාෂාව ද යුනිකෝඩ් භාවිතයෙන් සම්මතව කේතනය කෙරිණි.

අද වන විට මෙම එකමුතුව මගින් සිංහලෙන් පරිගණක භාවිත කිරීම සඳහා ශක්‌තිමත්

පුළුල් පදනමක්‌ නිර්මාණය කර ඇත. ඒ මඟින් අසීමිත හැකියාවන් ගෙන් හා ඉඩ හසරකින්

යුත් සයිබර් අවකාශයට සිංහලෙන් ම පිවිසීමට වේදිකාව විවර වී ඇති අතර ඒ මත ශ්‍රී

ලාංකිකයන්ට තම සැබෑ ශක්‌තිය හා අනන්‍යතාව විදහා දැක්‌වීමට හැකි ව තිබේ.

(මේකෙදී අපේ I.C.T. සර් ට ඒ කියන්නෙ සමන් විතානගේ සර්ට ස්තූති කරන්න ඕනි)

1 comment:

  1. සියබස්‌ Site එකෙන් සිංහල යුනිකෝඩ් Install කරගත්ත.ඒත් Word වල සමහර වචන හරියට type කරත් ඊට පස්සෙ Open කරාම ඒක විකෘති වෙලා පෙන්නන්නෙ.(හැම විටම‍ නෙවි)
    උදා : ප්‍ර යන්න පස්සෙ බැලුවම ප්ර වෙලා පෙන්නනව.හැබැයි වෙන තැන්වල තියෙන ඒව හොදට පෙන්නනව.(සමහර තැන් වල අකුරු විතරයි මෙහෙම වෙන්නෙ.) මේකට හේතුව මොකක්ද?

    ReplyDelete

කස්ටියගේ වටිනා සිතුවලි වලින් බිදක් තබා යන්න.

ඔබ කැමතිද මෙම අඩවියට
ඔව්
නැත
Seriale online