ඔන්න ගොඩක් කාලෙකට පස්සේ ආවා බ්ලොග් එක පැත්තේ.මොකද දැන් ඉතින් ස්කෝලෙත් පටන් ගත්තනේ ඒකත් එක්කම මීට් එකත් පටන් ගත්තා.ඒත් ස්කෝලෙ නොගිහින් පුළුවන්ද?නේද?අනිත් පැත්තෙන් ඉතින් පන්ති මේ සේරම වැඩ අස්සේ බ්ලොග් එක පැත්තෙ එන්න වෙලාව හොදටම අඩුයි.ඒත් ඉතින් එහෙම කියලත් බැහැනේ.
ඉතින් අද ස්කොලෙත් නැහැ පන්තිත් නැහැ.ඒක නිසා මම ආවා බ්ලොග් එක පැත්තේ කස්ටිම හොදින් ඇති කියලා හිතනවා.ආපු එකේ මොනවා හරි කියලම යන එක හොදයි කියල හිතුනා ඒක නිසා මම අද කියන්න යන්නේ "computer software" එහෙමත් නැත්තම් "පරිගණක මෘදුකාංග" ගැන පොඩි පොඩි කරුණු කීපයක්. මම දැන් කියන කරුණු බොහෝ දෙනෙක් දන්නවා ඇති ඒත් නොදන්න සුළු පිරිසක් හරි ඇති කියලත් මම හිතනවා ඒ අයට මේ ටික වැදගත් වෙයි.
අපි හැමෝම පරිගණකයක් පරිශීලනය කිරීමේ දී බොහෝ විට යොදාගන්න දෙයක් තමයි මේ පරිගණක මෘදුකාංග.ඉතින් කට්ටිය මේවා කොතෙක් භාවිතා කළත් නොදන්න දෙයක් තමයි මේවා හදන්නේ කුමක් අරමුණු කරගෙනද ,කවුද මේවා හදන්නේ,මොන මොන කොටස් වලටද මේවා අයත් වෙන්නේ යන කරුණු.මේවා පොඩි දේවල් වුනාට මෘදුකාංගය භාවිතා කිරීමේදී එය භාවිතා කිරීමට මේ කරුණුත් සමහර විට අවශ්‍ය වෙයි.
හරි දැන් අපි බලමු "පරිගණක මෘදුකාංගයක් කියන්නේ මොකක්ද කියල ඉතාම කෙටියෙන්.
පරිගණක මෘදුකාංගයක් කියන්නේ පරිගණක වැඩසටහනකටය.පියවරින් පියවර පරිගණකයට ලබා දෙන උපදෙස් පරිගණක වැඩසටහනක් යනුවෙන් හැදින්වේ.පරිගණකය,අප ලබාදෙන උපදෙස් වලට අනුකූලව ක්‍රියා කරයි.එම උපදෙස් වලට පිටතින් කිසිදු ක්‍රියාවක් සිදු නොකරයි. පරිගණක මෘදුකාංග කොටස් දෙකකි.
01.යෙදුම් මෘදුකාංග(application s/w)
02.පද්ධති මෘදුකාංග(system s/w)
01.යෙදුම් මෘදුකාංග(application s/w)
යෙදුම් මෘදුකාංග පරිගණක පරිශීලකයන් භාවිත කරන "END USER" නමින්ද හැදින්විය හැක.යෙදුම් මෘදුකාංග නැවත් කොටස් දෙකකි.
*සාමාන්‍ය අරමුණු ගත යෙදුම් මෘදුකාංග
GENERAL PURPOSE APPLICATION S/W
*විශේෂ අරමුණු ගත යෙදුම් මෘදුකාංග
SPECIE PURPOSE APPLICATION S/W
*සාමාන්‍ය අරමුණු ගත යෙදුම් මෘදුකාංග
GENERAL PURPOSE APPLICATION S/W
මේවා වෙලද පලි ලබා ගත හැකි අතර කිසිදු පුද්ගලයෙක් ටහා් ආයතනක් වෙනුවෙන් නිශ්පාදන වුවක් නොවේ .පොදුවේ ෑම නකනෙකුටම භාවිතයට ගත හැකි පරිදි මෙම මෘදුකාංග නිශ්පාදනය කර ඇත.මෙම මෘදුකාංගය මූලික කාණ්ඩ නාම කිහිපයක් ඔස්සේ විස්තර කළ හැකිය.
වදන් සැකසුම් මෘදුකාංග(WORD PROCESSER)
මෙම මෘදුකාංග ලිපි,වාර්ථා,විවිධ ලේඛන සැකසීම සදහා භාවිතයට ගනී.එසේම එවන් ලේඛන ගබඩා කර තබා ගැනීමට මෙන්ම මුද්‍රණය කරගැනීම සදහාද මෙම මෘදුකාංග භාවිතයට ගනු ලබයි.
MICROSOFT WORD
DOCUMENT WRITE
WORD PERFECT
WORD PRO
WORD STAR
වැනි මෘදුකාංග මේ යටතට ගැනේ.
පැතුරුම් පත් මෘදුකාංග
මෙම මෘදුකාංග දත්ත විශ්ලේෂණය කර ගැනීමට ,සංවිධානය කරගැනීමට,ප්‍රස්ථාර ලෙස ඉදිරිපත් කිරීම වැනි කටයුතු සදහා මෙන්ම,TEGER,ගිණුම්,අය වැය හා මූල්‍යමය වාර්ථා පිළියෙල කිරීම කාර්යයන් සදහාද උපයෝගී කර ගනී.මේ යටතට ගැනෙන්නේ ,
MS EXCEL
CROEL QUATTRE PRE
LOTUES 123
VISICAL
දත්ත කළමණාකරණය පද්ධතිය.(D B M S )
මෙය භාවිත කරනු ලබන්නේ දත්ත රැස් කිරීමට,සංවිධානය කිරීමට ,අවශ්‍ය පරිදි දත්ත දත්ත වර්තා ලබා ගැනීම,දත්ත කළමණාකරණය සිදු කිරීම සදහා මෙන්ම,අපට තීරණයක් ගැනීමට අවශ්‍ය විටදී එම දත්ත තොරතුරක් ලෙස පරිවර්ථනය කරගැනීමටද මෙම මෘදුකාංග වර්ගය වුවමනා වේ.
MS ACCESS
MY S Q L
SQL SERVER
ORECAL
DBEASE +++
ඉදිරිපත් කිරීමේ මෘදුකාංග(PRESENTATION S/W)
මෙමගින් ප්‍රේක්ෂකයන්ට බහු මාධ්‍ය ඉදිරිපත් කිරීම් සිදු කිරීමට හැකි වේ.එමගින් ඉදිරිපත් කරනු ලබන කරුණු පැහැදිලිව ක්‍රමාණුකූලව වඩාත් ආකර්ශනීය ලෙස ඉදිරිපත් කළ හැකිය.
MS POWERPOINT
FREE LANCE GRAPHIC
COREL PRESENTTATION
මේ කරුණු ටික අදට ඇති තව ටිකක් ඊළග පෝස්ට් එකෙන් දාන්නම්කෝ.දැන් නික්ම යන්න කාලය ඇවිත්
No comments:
Post a Comment
කස්ටියගේ වටිනා සිතුවලි වලින් බිදක් තබා යන්න.