Pages

ජීවිතය

ජීවිතය

Thursday, February 10, 2011

අපේ සෑර් පැනල ගිහින් .

අප්පා ගොඩක් කාලෙකින් ඔන්න ආවා බ්ලොග් එක පැත්තෙ.හැබැයි නිකම්ම නෙවෙයි මට ලොකුම ලොකු අසුබ ආරංචියක් එක්කම.ඒක තමයි ඔය මාතෘකාවෙම තියෙන්නෙ "අපේ සෑර් පැනල ගිහින්" පැනල ගිහින් කිවුවට මේ.... කට්ටිය වැරදියට එහෙම හිතන්න එපා හොදේ.මේක මේ ළදක් අරන් පැනල යන කතාවක් එහෙම නෙවෙයි.මම දන්න විදියට සර් බැදල දැන් ඕන්න චූටි ලමයෙකුත් ඉන්නවා.ඉතින් ඒක අපිට වැඩක් නැහැනෙ.පැනල ගිය කතාව කියන්න කලින් සර් ගැන පුංචි විස්තරයක් කියන්න ඕනි නැත්තම් කස්ටිය "සූර්" වේවි.

ඕන්න එහෙනම අහගන්නකෝ,

සර්ගෙ නම තමයි "සමන් විතානගේ"අපිට උගන්වන්නේ ඉතින් තොරතුරු තාක්ෂණය තමයි.මම දන්න හැටියට හොදම මීටරයක් තමයි සර් ,ගම්පහ පැත්තෙ තමයි ගෙවල් තියෙන්නෙ.ඒවත් වැඩක් නැහැ සර් ගැන කෙටියෙන්ම කියන්න තිවයන්නෙ මෙච්චරයි මට හම්බ වුන හොදම ගුරුවරයා.මට කිව්වට I.T. ඉගෙන ගත්ත හැමෝටම.

සර් පැනල ගියා කියන කතාව මේකයි ,අපි සර්ගෙන් ඉගෙන ගන්නව කිව්වට වැඩිහරියක් කළේ කට් ‍කරපු එක.දැන් තමයි වාසනාවට පයින් ගැහුවා කියල හිතෙන්නෙ.මොකද දන්නවද?සර් අපේ ස්කෝලෙන් අස්වෙලා අඩ්ගානෙ අපිට කියන්නෙවත් නැතිව වෙනත් ස්කෝලෙකට පැනල ගිහින්.

මේක අපි දන්නෙ නැතිව බ්‍රහස්පතින්දා ඒ කියන්නෙ ඊයෙ, අපි යන්න හදනවා ලැබ් එකට.යන්න කලින් අපි කරන්නෙ සර්ගෙ වාහනේ තියෙනවද කියල බලන එක.අපිට ගොඩක් පුරුදු දවස් වගේ අද සර්ගෙ වාහනේ නෑ.ඒත් අපි නිකමට වාගෙ ගියා ලැබ් එක පැත්තට. පුදුමයි,ලැබ් එක ඇරලා .අපි කල්පනා කරා සර් නැතුව ‍කොහොමද යකෝ ලැබ් එක අරින්නෙ කියලා.සමහර විට සර් අද බස් එකේ එන්න ඇති.මෙහෙම කිව්වා මගෙ යාළුවෙක් රඡිත කියල .පස්සෙ මම කිව්ව සර් කවද්ද බං බස් එකේ ආවෙ කියල.ඒත් ඉතිං දොරට අගුළු දාල නැති හින්දා ගියා බලන්න .ඊට පස්සෙ ‍වෙනද වගේම හොරේන් දොර ඇරගෙන බැළුව වෙනද සර් ඉන්න තැන.
මළා... සර් නෑ.මෙන්න යකෝ තත්පරයක් ගියෙ නෑ.කව්ද දොර එක පාරටම ඇරිය.

පුතාල කීය වසරෙද?
13 වසරෙ මැඩම්. මේ සර් අද නැතිද මැඩම් .
සර් අද නෑ පුතාල ගිහින් වාඩ්වෙන්න කෝ....

මළා ඡීවිතේට දැකල නැති මැඩම්‍ කෙනෙක් ලැබ් එකේ ,ඉතින් අපිට මොකෝ එන්න කිව්වනෙ අපිත් ගියා ඇතුලට.ඉන්නකොට මෙන්න මැඩම් ආව අපි ලගට. ඇවිත්

මොනවද ඔයාලට මේ වෙනකොට උගන්වල තියෙන්නෙ.
මම කල්පනා කරා මෙයාට මේ මොනව වෙලාද මේවා අපෙන් අහන්න.ඒත් මැඩම් ‍කෙනෙක්නෙ මම කිව්වා .මැඩම්,මේ දවස් වල අපිට එන්න බැරි වුනා අවසාන නෝට් එක පයිතන් කියල.
ආ...එහෙමද දෙන්න බලන්න නෝට් එක
මෙන්න මැඩම්
අද අලුත් මතෘකාවක් ලියාගන්නකෝ

මම ඒවා පැත්තකට දාල මැඩම්ගෙන් ඇහුවා

සමන් සර් හෙටත් එන එකක් නැතිද මැඩම්?
සමහර විට නෑ.
ඇයි ඒ මැඩම්
එයා අයෙ එන එකක් නෑ
කවදාවත්ම
සමහර විට
ඒ මොකද මැඩම් ,සර් අස්වෙලාවද්ද
ඔව් ඔව් දැන් ලයා ගන්න මාතෘකාව

මළා ඇග රත්වෙල ගියා දැන් මොකද කරන්නෙ?පන්ති යන්නෙත් නෑ,තච මාස 06 තියෙන්නෙ.දැන් මොකද කරන්නෙ?
අඩු ගානෙ අපිට කියල යන්න තිබුන් නැතිද?දැන් ඉතින් මළ
ගියා පංතියට ,ගත්තා ‍දුරකතනය,රඡිත ගත්ත සර්ට කෝල් එකක්.

සර්,ගුඩ් මෝනින්.
ගුඩ් මෝනින්,ඉතින්
සර් මොකක්ද මේ කළේ ?
ඇයි?
සර් අස්වුනා කියන්නෙ.
ආ....ඔව් කොල්ලො.මම දැන් වෙන ස්කෝලෙක තමයි ඉන්නෙ.
සර් අපිට කිවුවෙ නැත්තෙ?
මම උඹලව හෙව්වා හිටියෙ නැහැනෙ?
සර් දැන් අපි මොනවද විභාගෙට ලියන්නෙ.දැන් සර් පංතියක් පටන් ගන්න.
හරි මම බලන්නන්කෝ.
හොදයි සර් එහෙනම් පස්සෙ ගන්නම්.
හොදයි.

මෙන්න සිද්දිය .සර් යන්න ගිහින්.කියන්නෙවත් නැතිව/.ඒළමයි වාසනාවන්තයි කියල දැන් හිතෙනවා.මොනව කරන්නද?

ඉතින් සර්,සර් ගිය එක දුකක් වුනත් කරන්න දෙයක් නැහැනෙ හොදින් ඉන්න කියල අපි හැමෝම සුබ පතනවා

1 comment:

කස්ටියගේ වටිනා සිතුවලි වලින් බිදක් තබා යන්න.

ඔබ කැමතිද මෙම අඩවියට
ඔව්
නැත
Seriale online