Pages

ජීවිතය

ජීවිතය

Friday, February 11, 2011

මහගම සේකර 01


මම අද කියන්න යන්නෙ අපේ සිංහල කවියට බෙහෙවින් ආලෝකයක් වුන "මහගම සේකරන්" ගැන අපි ලාංකිකයන් වශයෙන් අනිවාර්යෙන්ම දැනගෙන සිටිය යුතු පුද්ගලයෙක් තමයි මෙතුමන් .මොකද මම මෙහෙම කියන්නෙ සිංහල කවිය වෙනත්ම මගකට යොමු කළ පුද්ගලයන්ගෙන් මුලින්ම ඉන්න පුද්ගලය සේකරයන් නිසා.

මම සේකරයන් ගැන කියන්න හිතුවෙ අපේ සිංහල ඇදුරන් වන "සුඡීව සිරිමෙවන්"ඇදුරන් අපිට කිව්වා සේකරයන් ගැන පොතක් හදන්න කියල.ඒත් අපිට කොහෙද ඒවට වෙලාවක් තව වැඩ ගොඩක් තියෙනවනේ..... ඉතින් මම හිතුව වෙලාව තියෙන ටිකේ බ්ලොග් එකට දැම්මොත් හොදයි කියල මොකද සර්ගෙ බලාපොරොත්තුව අපි සේකරයන් ගැන දැන ගන්න එක මිසක් පොත් හදන්න නෙවෙයිනෙ.ඉතින් මම හිතුව මේකෙනුත් ඒක වෙයි කියල.අනික බ්ලොග් කියවන අයටත් එතුමන් ගැන දැන ගන්න පුළුවන්නෙ.හොදයි කතාව නවත්තල එන්න වැඩේ පටන් ගන්නම්,

ආ........ කියන්න අමතක වුණා සේකරයන් ගැන එක පෝස්ට් එකකින් කියන්න බැරිවෙයි ,කොටස් වශයෙන් කියන්න තමා බලාපොරොත්තුව.

මහගම සේකරයන් 1929 අප්‍රේල් මස 07 වැනි දින ගම්පහ දිස්ත්‍රික්කයේ ,සියනෑ කෝරලයේ රදාවානේදී උපත ලැබීය. ඔහු ප්‍රාථමික අධ්‍යාපනය සදහා මුලින්ම ඇතුලත් වූයේ රදාවානේ රඡයේ පාසැලටයි.ඉන්පසු වැඩි දුර අධ්‍යාපනය සදහා කිරිදිවැල රඡයේ මිශ්‍ර පාසැලට ඇතුලත් වූහ.

එහිදී රඡයේ සිංහල ‍ඡ්‍යෙෂ්ඨ සහතික පත්‍ර විභාගය සමත් වී ඉන් අනතුරුව රඡයේ ලලිත කලායතනයට ඇතුලත් වූහ.පසුව සිංහල ගුරුවරුන්ගේ චිත්‍රකර්ම විභාගය සමත් වී "නිට්ටඹුව ගුරු අභ්‍යාස විද්‍යාලයට" ඇතුලත් වූ සේකරයන් එහිදී ගුරු පුහුණුව ලැබුවේය.මේ ගුරු පුහුණුවෙන් පසු ඔහු චිත්‍ර කර්ම ගුරුවරයෙකු ලෙසින් "කොළඹ රාඡගිරියේ හේවාවිතාරණ" විද්‍යාලයට තම පළමු පත්වීම ලැබුවේය.

නමුත් ඉන් අනතුරුව රාඡ්‍ය භාෂා දෙපාර්තුමේන්තුවේ භාෂා පරිවර්ථක, ශ්‍රී ලංකා ගුවන් විදුලි ‍සංස්ථාවේ වැඩසටහන් නිශ්පාදක, මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ චිත්‍ර කර්ම පිළිබද කතිකාචාර්ය,
රඡයේ ලලිත කලා ආයතනයේ විදුහල්පති, අධ්‍යාපන අංශයේ සංස්කෘතික කටයුතු පිළිබද ප්‍රධාන අධ්‍යාපන නිලධාරී ආදී විවිධ පදවි රැසක් ඔහු විසින් මෙහෙය වනු ලැබූවත් අවසානයේ 45 වන වියේදී ඔහු මිය යන අවස්ථාවේදී,එම වකවානුව තුළ සේවයේ නියැලුනේ රඡයේ ලලිත කලායතනයේ විදුහල්පති ලෙසය.

අදට ඇති මොකද මම කලින්ම කිව්වනේ.

ඒක නිසා මෙතුමන්ගේ තවත් තොරතුරු ටිකක් එක්ක තවත් පෝස්ට් එකකින් හමුවෙමු.



No comments:

Post a Comment

කස්ටියගේ වටිනා සිතුවලි වලින් බිදක් තබා යන්න.

ඔබ කැමතිද මෙම අඩවියට
ඔව්
නැත
Seriale online