Sunday, December 26, 2010
ක්ෂුද්‍ර සකසනය(MICROPROCESSOR)
මධ්‍ය සැකසුම් ඒකකය ( CPU )
පාලන ඒකකය ( CU )
ගණිත හා තාර්කික ඒකකය (ALU) ARILTEMATIC AND LOGICAL UNIT
රෙඡිස්ටර් (REGISTER)
ක්ෂද්ර සකසනය තුළ මධ්‍ය සැකසුම් ඒකකය අඩංගුවේ.
මධ්‍ය සැකසුම් ඒකකය ( CPU )
මධ්‍ය සැකසුම් ඒකකය පරිගණකයේ සියලු ක්‍රියා කාරකම් සිදුකිරීම සදහා පවතින උපාංගයයි.මධ්‍ය සැකසුම් ඒකකය ප්‍රධාන කොටස් තුනකි.
1 පාලන ඒකකය 2 ගණිත හා තාර්කික ඒකකය
3 රෙඡිස්ටර්
පාලන ඒකකය යනු පරිගණකයේ සියලුම ක්‍රියාවලීන් පාලනය හා ඒවා සම්බන්ධ කිරීම සදහා ක්‍රියාත්මක කරනු ලබන ඒකකයයි.
ගණිත හා තාර්කික ඒකකය යනු මූලික ගණිත ක්‍රියාවලි( -, + , / , * ) හා තාර්කික ක්‍රියාවලි (= ,> , < , <= , >= , not ,or ) සිදු කරනු ලබන ඒකකයයි.සැබවින්ම දත්ත සකස් කිරීම සිදුවන්නේ මෙම ඒකකය තුළය.
රෙඡිස්ටරය යනු මධ්‍ය සැකසුම් ඒකකය සතු කුඩා මතකයන් ය.මෙහි දත්ත සැකසුම වේගවත් කිරීම සදහා ක්ෂනිකව අවශ්‍යවන තුඩා දත්ත රදවා තබාගනී.
Subscribe to:
Post Comments (Atom)
සිරාවටම වැදගත් ලිපි ටිකක්. උඹ මට කමෙන්ට් කරපු නිසයි මම බැලූවේ. දැන් හිතෙනවා බං මීට කලින් බලන්න තිබුනේ කියලා. දිගටම ලියපං ඇ. කම්මැලි වෙන්ට එපා.
ReplyDeleteජයවේවා සහෝ...
ස්තූයි මචන් දිගටම ලියනවා
ReplyDelete