මොකක් ද මේ UNICODE?
e-ලෝකයේ සීමා මායිම් බිඳ දමන Unicode යනු ලෝකයේ ඇති සෑම භාෂාවක ම, සෑම අකුරකට
ම තනි විශ්වීය අනන්‍යතාවක් ලබා දෙන කේත l¾මයකි. මෙමඟින් ලෝකයේ ඇති සෑම
අක්ෂරයකට ම ඊට පමණක් අනන්Hh වූ අංකයක් ලබා දෙයි. මෙමඟින් සෑම භාෂාවකට ම
සෘජු හැඳිkaùමක් පරිගණකය තුළින් ම ලැබෙන අතර එය භාවිත වන පරිගණක පද්ධතියෙන්
හෝ වැඩසටහනෙන් හෝ ස්වායත්ත වෙයි. මෙමඟින් ඕනෑ ම රටක වැසියකුට ඕනෑ ම මෙහෙයුම්
පද්ධතියක් තුළ තම මවු භාෂාවෙන් ම ලිවීම් හා කියවීම් කටයුතු කිරීමට අවස්ථාව
ලැබේ. දැනට මෙම ක%මයෙන් ලෝකයේ භාෂා රැසක අක්ෂර 100,713ක් පමණ කේතනය කර
ඇත.
Microsoft, IBM, Apple, HP, Just System, Oracle, Sun ආදී ලෝකයේ පරිගණක
ක්ෂේත්රයේ නියමු ආයතන සියල්ල ම පාහේ දැන් Unicode සම්මතයන්ට හැඩගැසී ඇත.
එමෙන්ම මෑතකාලීනව නිර්මාණය වුණු බොහෝ මෙහෙයුම් පද්ධති වෙබ් බ්‍රවුසර හා
අනෙකුත් නිපැයුම් බොහොමයක් Unicode සඳහා සහාය දෙයි. පරිගණක ලෝකයේ විශ්ව
අක්ෂර පද්ධතියක් නිර්මාණය කර ගැනීම සඳහා වූ නිල ක්‍රමවේදය ලෙස පිළිගැනෙන්නේ
Unicode කේත ක්‍රමයයි.
No comments:
Post a Comment
කස්ටියගේ වටිනා සිතුවලි වලින් බිදක් තබා යන්න.