යාළුවනේ ගොඩක් කාලෙකින් මම ආවෙ කට්ටියට මාව අමතක වෙලාද දන්නනේ නැ.විභාගෙ ඉවර වුනාම එන්න හිතන් හිටියට ඒක හරි ගියේ නෑ.කෝස් එකකට යන්න වුනා.අද තමයි ටිකක් නිවාඩු.
එදා මම network වල ටිකක් කිවුවනෙ අද ඉතින් ඉතුරු ටිකත් කියන්නම්...
(මම අදත් කියන්නෙ තව network ගැන දන්න අය comment එකකින් හරි මට පොඩි help එකක් දෙන්න.)
ප්‍රතිසම සංඥා (Analog)
කිසියම් සරල ධාරාවක(DC) හෝ ප්රත්යාවර්ධක ධාරාවක (AC) අගය කාලයත් සමඟ සුමටව හා අඛණ්ඩව වෙනස් වන්නේ නම් එහි ඇති වන්නේ ප්‍රතිසම සංඥාවකි.
CDMA Code Division Multiple Access
1995 ලෝකයේ මුල් වරට භාවිත විය.අද තෙවන පරම්පරාවේ හා රැහැන් රහිත ගෘහස්ථ දුරකථන වල බහුලව භාවිත වේ. මෙම තාක්ෂණය ක්‍රියාත්මක වන්නේ කේතයන් මුල් කොට ගෙනයි. මෙහිදී එක් දුරකථනයක් සඳහා විශේෂයෙන් වෙන්වූ නාලිකා නොමැත. යම් දුරකථන සංඥාවක් මුලු සංඛ්‍යාත පරාසය පුරාම විසුරුවා හරිනු ලැබේ. එම නිසා TDMAවලදී මෙන් පමාවක් ඇති නොවේ. සංඥාව හඳුනා ගැනීමට කේතයක් යොදනු ලැබේ. තවද ඇනලොග් ක්රමයේ යොදා ගැනෙන නාලිකාවක ඇති ඉඩකඩ හා සමාන ඉඩක CDMA වෙන වෙනම ඇමතුම් 8-10 ගණනකට ඉඩ ඇත.
ISDN Integrated Service Digital Network
සංගෘහිත සේවා අංකිත ජාලය
අධික වේගයක් සහිත දත්ත සම්ප්‍රේෂණ හැකියාව ඇති අංකිත දුරකථන සම්බන්ධතාවකි. හඬ, අකුරු,චිත්‍ර, වීඩියෝ ආදී දත්ත සම්භාරයක් විශ්වාසනීය ලෙස සම්ප්‍රේෂණය කළහැක.
GSM (Global System for Mobile Communication)
ජංගම දුරකථන සඳහා වූ ලෝක පද්ධතිය
TDMA හා FDMA දෙකෙහිම සුසංයෝගයකි. මෙම තාක්ෂණයේ ඇති විශේෂත්වය වන්නේ සිය භාවිත කරන්නන් හඳුනා ගැනීම සඳහා SIM (Subscriber Identification Module) කාඩ්පතක් යොදා ගැනීමයි. GSM දුරකථන වලට ඇතුල් කළ හැකි මෙම කාඩ්පතෙහි දුරකථන අංක දුරකථන සම්බන්ධතාව ආදී විස්තර අඩංගු වේ. (900 MHz- 1900MHz)
ADSL/DSL (Asymmetric Digital Subscriber Line)
අසමමිතික අංකිත ග්රාහක මාර්ගය
DSL යනු අන්තර්ජාල සේවා සම්පාදකයා සහ ග්රාහකයා අතර නොබිදෙන සම්බන්ධතාවක් ඇති කිරීමයි. මෙහි දත්ත ගලා යාමේ වේගය 56 kbps වඩා වැඩියි. (1.5-8Mbps) දත්ත බාගත හැකි පරාසය (පුළුල්පරාස) හා වේගයද වැඩියි. මෙහිදී සාමාන්‍ය දුරකථනයම භාවිත වන අතර දුරකථන පණිවුඩ ලබා ගැනීමට බාධාවක් නොවේ. නිතරම විවෘත තත්වයේ පවතී. මාසික ගාස්තුවක් අය කෙරෙන අතර ඊට දුරකථන ගාස්තුවක් අය නොකෙරේ.
අසමමිතික යන්නෙහි අදහස බාගත හා උඩුගත වේගයන් දෙකක් නිසා යැයි කියවේ.
GPRS (General Packet Radio Service)
සාමාන්‍ය පැකට්ටු රේඩියෝ සේවය
තත්පරයට කිලෝ බයිට් 56-114 ක් දක්වා වු වේගයන් සහිතව හැම විටකම විවෘතව පවතින ජංගම දුරකථන සම්මතයකි. රේඩියෝ තාක්ෂණය යොදා ගෙන ඇත.
එසේ දත්ත බෙදාහැරීම සදහා යොදාගන්නා තාක්ෂණික ක්‍රම 3ක් ඇත.
FDMA ( Frequency Division Multiple) බහුවිධ ප්රවේශයන් සදහා සංඛ්‍යාත මුල් කොට ගෙන නාලිකා වෙන් කිරීමේ තාක්ෂණය.
TDMA ( Time Division Multiple Access) බහුවිධ ප්රවේශයන් සදහා කාලය මුල්
කොට ගෙන නාලිකා වෙන් කිරීමේ තාක්ෂණය.
මේවා බොහෝ දුරට වැදගත් වෙන්නෙ උසස් පෙළ කරන අයට ඒක නිසා දන්න අයට ටිකක් කියන්න.
එහෙනම් මම යනවා.
Saturday, October 15, 2011
Monday, July 4, 2011
NETWORK(නෙට්වර්ක්)
ගොඩාක් දවසකින් බ්ලොග් එක පැත්තෙ ආවේ.විභාගෙත් අත ලග ඉතින් මම හිතුවා මේපාර උසස් පෙළ තොරතුරු තාක්ෂණය කරන කට්ටියට වැදගත් වෙයි කියල හිතන දෙයක කොටසක් කියන්න.ඒ තමයි "network"
මේක මමත් ලගදි ඉගෙන ගත්තෙ.අනික මේක නෙට්වර්ක් කිවුවට උසස් පෙළට අදාල කාරණා විතරයි තියෙන්නේ.ඒක නිසා මේ සම්බන්ධව දැනුම තියෙන අය මට බනින්න එපා.පුළුවන්නම් එයාල දන්නදේත් මේකට කමෙන්ට් කරන්න.මේකෙ වැරදි එහෙම තියෙනවනම් කියන්න.
දත්ත සන්නිවේදනය හැදින්වීම
දත්ත එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙන යාම දත්ත සන්නිවේදනයයි. දුරාතීතයේ පටන් මේ දක්වා විවිධ ක්‍රම මේ සඳහා යොදා ගෙන ඇත. ශරීරාංග චලන අවස්ථාවේ සිට නූතන තාක්ෂණික මෙවලම් දක්වා විවිධ උපාංග සන්නිවේදනයට යොදා ගෙන ඇත.
දත්ත සන්නිවේදන පද්ධතියක උපාංග
1. සම්ප්‍රේෂකයා (sender, transmitter, source) යවන්නා
දත්ත හෝ තොරතුරු යවන්නා හෝ නිපදවන්නා හෝ බිහිවන ස්ථානයයි.
2. ලබන්නා (receiver)
දත්ත ලබා ගන්නා තැනැත්තා හෝ ප්රභවයයි.
උදාහරණ- ඔබ මිතුරෙකුට දුරකථන පණිවුඩයක් ලබා දුන්නේ නම් දත්ත උපදවන්නේ ඔබයි. මිතුරා ලබන්නායි.
3.සන්නිවේදන මාධ්‍යය
දත්ත සම්ප්‍රේෂකයාගේ සිට ලබන්නා දක්වා දත්ත ගෙන යනු ලබන මාධ්‍යයයි. මේ සඳහා නොයෙක් ආකාරයේ මාධ්‍යයන් භාවිත වේ. එම මාධ්‍යයන් ප්‍රධාන ආකාර දෙකකි.
1. නියමු මාධ්‍යය
Guided media
2. විකිරණ මාධ්‍යය
Radiated media
නියමු මාධ්‍යය(guided media)
දත්ත සන්නිවේදනය සඳහා කිසියම් භෞතික මාධ්‍යයක් භාවිත වේ.
උදා-
විවෘත යොත් (open wire)
ඇඹරුම් යුගල (twisted pair)
සමාක්ෂක යොත් (Coaxial cable)
ප්‍රකාශ තන්තු (fiber optics)
විකිරණ මාධ්‍යය (Radiated media)
මෙහිදී කිසිදු භෞතික මාධ්‍යයක් යොදා නොගනී.
උදා-
ගුවන් විදුලි තරංග (Radio wave)
අධෝරක්ත කිරණ (Infra red)
ක්ෂුද්‍ර තරංග (Micro waves)
සන්නිවේදන චන්ද්‍රිකා (communication satellites)
4.නියමාවලි protocol
පරිගණක දෙකක් අතර සන්නිවේදන කාර්යයන් සඳහා යොදා ගන්නා පිළිගත හැකි ක්රියාදාමයයි. දත්ත සන්නිවේදනය සඳහා උපාංග දෙක අතර සකස් වන තෙක් ඇති ගිවිසුමකි.
උදාහරණයක් ලෙස මව් භාෂාව ලෙස ඉංග්‍රීසි දන්නා කෙනෙකුට සන්නිවේදන කටයුතු කළ යුත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි.
Synchronization
Acknowledgment
5.සංඥා(signal)
ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී සංඥාවක් ලෙස හඳුන්වන්නේ කාලයක් සමඟ වෝල්ටීයතාවේ හෝ ධාරාවේ ඇතිවන වෙනසකි. මෙහිදී සංඥා වර්ග දෙකක් ඇතිවේ.
ප්‍රතිසම (Analog signal)
අංකිත සංඛ්‍යාංක(digital signal)

Wednesday, April 20, 2011
මාතෘකාවක් නොමැති මාතෘකාවක්
ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ ආව බ්ලොග් එක පැත්තෙ.කට්ටියටම කියනව ලැබුවා වු අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල.
කට්ටිය හිතනව ඇති මම මේ දැන් මොකද අවුරුද්දට සුබ පතන්නෙ කියල.
ඇයි බං තව මාස තුනකින් මට විභාගෙනෙ. ඉතින් බ්ලොග් එක පැත්තෙ එන වෙලාව අඩුයි.ඒත් මොනව තිබුනත් කට්ටිය අමතක කරන්න බෑ නෙ.ඒක නිසා ආව මේ පැත්තට.යාළුවන්ට කියන්න දේවල් නම් ගොඩක් තියෙනව.ඒත් මේ වෙලාවෙ කියන්න බැ.අනින මම මගෙ සිද්ධි ටික දවසක එපා වෙන්න දෙනව.
මේ මේ අන්න යාළුවො ටික ආව සෙට් වෙන්න මමත් ඒ පැත්තට ටිකක් ඔළුව දාල එන්නම් කස්ටියටම සුබ දවසක්.

Friday, February 11, 2011
මහගම සේකර 01

මම අද කියන්න යන්නෙ අපේ සිංහල කවියට බෙහෙවින් ආලෝකයක් වුන "මහගම සේකරන්" ගැන අපි ලාංකිකයන් වශයෙන් අනිවාර්යෙන්ම දැනගෙන සිටිය යුතු පුද්ගලයෙක් තමයි මෙතුමන් .මොකද මම මෙහෙම කියන්නෙ සිංහල කවිය වෙනත්ම මගකට යොමු කළ පුද්ගලයන්ගෙන් මුලින්ම ඉන්න පුද්ගලය සේකරයන් නිසා.
මම සේකරයන් ගැන කියන්න හිතුවෙ අපේ සිංහල ඇදුරන් වන "සුඡීව සිරිමෙවන්"ඇදුරන් අපිට කිව්වා සේකරයන් ගැන පොතක් හදන්න කියල.ඒත් අපිට කොහෙද ඒවට වෙලාවක් තව වැඩ ගොඩක් තියෙනවනේ..... ඉතින් මම හිතුව වෙලාව තියෙන ටිකේ බ්ලොග් එකට දැම්මොත් හොදයි කියල මොකද සර්ගෙ බලාපොරොත්තුව අපි සේකරයන් ගැන දැන ගන්න එක මිසක් පොත් හදන්න නෙවෙයිනෙ.ඉතින් මම හිතුව මේකෙනුත් ඒක වෙයි කියල.අනික බ්ලොග් කියවන අයටත් එතුමන් ගැන දැන ගන්න පුළුවන්නෙ.හොදයි කතාව නවත්තල එන්න වැඩේ පටන් ගන්නම්,
ආ........ කියන්න අමතක වුණා සේකරයන් ගැන එක පෝස්ට් එකකින් කියන්න බැරිවෙයි ,කොටස් වශයෙන් කියන්න තමා බලාපොරොත්තුව.
මහගම සේකරයන් 1929 අප්‍රේල් මස 07 වැනි දින ගම්පහ දිස්ත්‍රික්කයේ ,සියනෑ කෝරලයේ රදාවානේදී උපත ලැබීය. ඔහු ප්‍රාථමික අධ්‍යාපනය සදහා මුලින්ම ඇතුලත් වූයේ රදාවානේ රඡයේ පාසැලටයි.ඉන්පසු වැඩි දුර අධ්‍යාපනය සදහා කිරිදිවැල රඡයේ මිශ්‍ර පාසැලට ඇතුලත් වූහ.
එහිදී රඡයේ සිංහල ඡ්‍යෙෂ්ඨ සහතික පත්‍ර විභාගය සමත් වී ඉන් අනතුරුව රඡයේ ලලිත කලායතනයට ඇතුලත් වූහ.පසුව සිංහල ගුරුවරුන්ගේ චිත්‍රකර්ම විභාගය සමත් වී "නිට්ටඹුව ගුරු අභ්‍යාස විද්‍යාලයට" ඇතුලත් වූ සේකරයන් එහිදී ගුරු පුහුණුව ලැබුවේය.මේ ගුරු පුහුණුවෙන් පසු ඔහු චිත්‍ර කර්ම ගුරුවරයෙකු ලෙසින් "කොළඹ රාඡගිරියේ හේවාවිතාරණ" විද්‍යාලයට තම පළමු පත්වීම ලැබුවේය.
නමුත් ඉන් අනතුරුව රාඡ්‍ය භාෂා දෙපාර්තුමේන්තුවේ භාෂා පරිවර්ථක, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් නිශ්පාදක, මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ චිත්‍ර කර්ම පිළිබද කතිකාචාර්ය,
රඡයේ ලලිත කලා ආයතනයේ විදුහල්පති, අධ්‍යාපන අංශයේ සංස්කෘතික කටයුතු පිළිබද ප්‍රධාන අධ්‍යාපන නිලධාරී ආදී විවිධ පදවි රැසක් ඔහු විසින් මෙහෙය වනු ලැබූවත් අවසානයේ 45 වන වියේදී ඔහු මිය යන අවස්ථාවේදී,එම වකවානුව තුළ සේවයේ නියැලුනේ රඡයේ ලලිත කලායතනයේ විදුහල්පති ලෙසය.
අදට ඇති මොකද මම කලින්ම කිව්වනේ.
ඒක නිසා මෙතුමන්ගේ තවත් තොරතුරු ටිකක් එක්ක තවත් පෝස්ට් එකකින් හමුවෙමු.
Thursday, February 10, 2011
අපේ සෑර් පැනල ගිහින් .
අප්පා ගොඩක් කාලෙකින් ඔන්න ආවා බ්ලොග් එක පැත්තෙ.හැබැයි නිකම්ම නෙවෙයි මට ලොකුම ලොකු අසුබ ආරංචියක් එක්කම.ඒක තමයි ඔය මාතෘකාවෙම තියෙන්නෙ "අපේ සෑර් පැනල ගිහින්" පැනල ගිහින් කිවුවට මේ.... කට්ටිය වැරදියට එහෙම හිතන්න එපා හොදේ.මේක මේ ළදක් අරන් පැනල යන කතාවක් එහෙම නෙවෙයි.මම දන්න විදියට සර් බැදල දැන් ඕන්න චූටි ලමයෙකුත් ඉන්නවා.ඉතින් ඒක අපිට වැඩක් නැහැනෙ.පැනල ගිය කතාව කියන්න කලින් සර් ගැන පුංචි විස්තරයක් කියන්න ඕනි නැත්තම් කස්ටිය "සූර්" වේවි.
ඕන්න එහෙනම අහගන්නකෝ,
සර්ගෙ නම තමයි "සමන් විතානගේ"අපිට උගන්වන්නේ ඉතින් තොරතුරු තාක්ෂණය තමයි.මම දන්න හැටියට හොදම මීටරයක් තමයි සර් ,ගම්පහ පැත්තෙ තමයි ගෙවල් තියෙන්නෙ.ඒවත් වැඩක් නැහැ සර් ගැන කෙටියෙන්ම කියන්න තිවයන්නෙ මෙච්චරයි මට හම්බ වුන හොදම ගුරුවරයා.මට කිව්වට I.T. ඉගෙන ගත්ත හැමෝටම.
සර් පැනල ගියා කියන කතාව මේකයි ,අපි සර්ගෙන් ඉගෙන ගන්නව කිව්වට වැඩිහරියක් කළේ කට් කරපු එක.දැන් තමයි වාසනාවට පයින් ගැහුවා කියල හිතෙන්නෙ.මොකද දන්නවද?සර් අපේ ස්කෝලෙන් අස්වෙලා අඩ්ගානෙ අපිට කියන්නෙවත් නැතිව වෙනත් ස්කෝලෙකට පැනල ගිහින්.
මේක අපි දන්නෙ නැතිව බ්‍රහස්පතින්දා ඒ කියන්නෙ ඊයෙ, අපි යන්න හදනවා ලැබ් එකට.යන්න කලින් අපි කරන්නෙ සර්ගෙ වාහනේ තියෙනවද කියල බලන එක.අපිට ගොඩක් පුරුදු දවස් වගේ අද සර්ගෙ වාහනේ නෑ.ඒත් අපි නිකමට වාගෙ ගියා ලැබ් එක පැත්තට. පුදුමයි,ලැබ් එක ඇරලා .අපි කල්පනා කරා සර් නැතුව කොහොමද යකෝ ලැබ් එක අරින්නෙ කියලා.සමහර විට සර් අද බස් එකේ එන්න ඇති.මෙහෙම කිව්වා මගෙ යාළුවෙක් රඡිත කියල .පස්සෙ මම කිව්ව සර් කවද්ද බං බස් එකේ ආවෙ කියල.ඒත් ඉතිං දොරට අගුළු දාල නැති හින්දා ගියා බලන්න .ඊට පස්සෙ වෙනද වගේම හොරේන් දොර ඇරගෙන බැළුව වෙනද සර් ඉන්න තැන.
මළා... සර් නෑ.මෙන්න යකෝ තත්පරයක් ගියෙ නෑ.කව්ද දොර එක පාරටම ඇරිය.
පුතාල කීය වසරෙද?
13 වසරෙ මැඩම්. මේ සර් අද නැතිද මැඩම් .
සර් අද නෑ පුතාල ගිහින් වාඩ්වෙන්න කෝ....
මළා ඡීවිතේට දැකල නැති මැඩම් කෙනෙක් ලැබ් එකේ ,ඉතින් අපිට මොකෝ එන්න කිව්වනෙ අපිත් ගියා ඇතුලට.ඉන්නකොට මෙන්න මැඩම් ආව අපි ලගට. ඇවිත්
මොනවද ඔයාලට මේ වෙනකොට උගන්වල තියෙන්නෙ.
මම කල්පනා කරා මෙයාට මේ මොනව වෙලාද මේවා අපෙන් අහන්න.ඒත් මැඩම් කෙනෙක්නෙ මම කිව්වා .මැඩම්,මේ දවස් වල අපිට එන්න බැරි වුනා අවසාන නෝට් එක පයිතන් කියල.
ආ...එහෙමද දෙන්න බලන්න නෝට් එක
මෙන්න මැඩම්
අද අලුත් මතෘකාවක් ලියාගන්නකෝ
මම ඒවා පැත්තකට දාල මැඩම්ගෙන් ඇහුවා
සමන් සර් හෙටත් එන එකක් නැතිද මැඩම්?
සමහර විට නෑ.
ඇයි ඒ මැඩම්
එයා අයෙ එන එකක් නෑ
කවදාවත්ම
සමහර විට
ඒ මොකද මැඩම් ,සර් අස්වෙලාවද්ද
ඔව් ඔව් දැන් ලයා ගන්න මාතෘකාව
මළා ඇග රත්වෙල ගියා දැන් මොකද කරන්නෙ?පන්ති යන්නෙත් නෑ,තච මාස 06 තියෙන්නෙ.දැන් මොකද කරන්නෙ?
අඩු ගානෙ අපිට කියල යන්න තිබුන් නැතිද?දැන් ඉතින් මළ
ගියා පංතියට ,ගත්තා දුරකතනය,රඡිත ගත්ත සර්ට කෝල් එකක්.
සර්,ගුඩ් මෝනින්.
ගුඩ් මෝනින්,ඉතින්
සර් මොකක්ද මේ කළේ ?
ඇයි?
සර් අස්වුනා කියන්නෙ.
ආ....ඔව් කොල්ලො.මම දැන් වෙන ස්කෝලෙක තමයි ඉන්නෙ.
සර් අපිට කිවුවෙ නැත්තෙ?
මම උඹලව හෙව්වා හිටියෙ නැහැනෙ?
සර් දැන් අපි මොනවද විභාගෙට ලියන්නෙ.දැන් සර් පංතියක් පටන් ගන්න.
හරි මම බලන්නන්කෝ.
හොදයි සර් එහෙනම් පස්සෙ ගන්නම්.
හොදයි.
මෙන්න සිද්දිය .සර් යන්න ගිහින්.කියන්නෙවත් නැතිව/.ඒළමයි වාසනාවන්තයි කියල දැන් හිතෙනවා.මොනව කරන්නද?
ඉතින් සර්,සර් ගිය එක දුකක් වුනත් කරන්න දෙයක් නැහැනෙ හොදින් ඉන්න කියල අපි හැමෝම සුබ පතනවා

Friday, January 28, 2011
පරිගණක මෘදුකාංග
ඔන්න ගොඩක් කාලෙකට පස්සේ ආවා බ්ලොග් එක පැත්තේ.මොකද දැන් ඉතින් ස්කෝලෙත් පටන් ගත්තනේ ඒකත් එක්කම මීට් එකත් පටන් ගත්තා.ඒත් ස්කෝලෙ නොගිහින් පුළුවන්ද?නේද?අනිත් පැත්තෙන් ඉතින් පන්ති මේ සේරම වැඩ අස්සේ බ්ලොග් එක පැත්තෙ එන්න වෙලාව හොදටම අඩුයි.ඒත් ඉතින් එහෙම කියලත් බැහැනේ.
ඉතින් අද ස්කොලෙත් නැහැ පන්තිත් නැහැ.ඒක නිසා මම ආවා බ්ලොග් එක පැත්තේ කස්ටිම හොදින් ඇති කියලා හිතනවා.ආපු එකේ මොනවා හරි කියලම යන එක හොදයි කියල හිතුනා ඒක නිසා මම අද කියන්න යන්නේ "computer software" එහෙමත් නැත්තම් "පරිගණක මෘදුකාංග" ගැන පොඩි පොඩි කරුණු කීපයක්. මම දැන් කියන කරුණු බොහෝ දෙනෙක් දන්නවා ඇති ඒත් නොදන්න සුළු පිරිසක් හරි ඇති කියලත් මම හිතනවා ඒ අයට මේ ටික වැදගත් වෙයි.
අපි හැමෝම පරිගණකයක් පරිශීලනය කිරීමේ දී බොහෝ විට යොදාගන්න දෙයක් තමයි මේ පරිගණක මෘදුකාංග.ඉතින් කට්ටිය මේවා කොතෙක් භාවිතා කළත් නොදන්න දෙයක් තමයි මේවා හදන්නේ කුමක් අරමුණු කරගෙනද ,කවුද මේවා හදන්නේ,මොන මොන කොටස් වලටද මේවා අයත් වෙන්නේ යන කරුණු.මේවා පොඩි දේවල් වුනාට මෘදුකාංගය භාවිතා කිරීමේදී එය භාවිතා කිරීමට මේ කරුණුත් සමහර විට අවශ්‍ය වෙයි.
හරි දැන් අපි බලමු "පරිගණක මෘදුකාංගයක් කියන්නේ මොකක්ද කියල ඉතාම කෙටියෙන්.
පරිගණක මෘදුකාංගයක් කියන්නේ පරිගණක වැඩසටහනකටය.පියවරින් පියවර පරිගණකයට ලබා දෙන උපදෙස් පරිගණක වැඩසටහනක් යනුවෙන් හැදින්වේ.පරිගණකය,අප ලබාදෙන උපදෙස් වලට අනුකූලව ක්‍රියා කරයි.එම උපදෙස් වලට පිටතින් කිසිදු ක්‍රියාවක් සිදු නොකරයි. පරිගණක මෘදුකාංග කොටස් දෙකකි.
01.යෙදුම් මෘදුකාංග(application s/w)
02.පද්ධති මෘදුකාංග(system s/w)
01.යෙදුම් මෘදුකාංග(application s/w)
යෙදුම් මෘදුකාංග පරිගණක පරිශීලකයන් භාවිත කරන "END USER" නමින්ද හැදින්විය හැක.යෙදුම් මෘදුකාංග නැවත් කොටස් දෙකකි.
*සාමාන්‍ය අරමුණු ගත යෙදුම් මෘදුකාංග
GENERAL PURPOSE APPLICATION S/W
*විශේෂ අරමුණු ගත යෙදුම් මෘදුකාංග
SPECIE PURPOSE APPLICATION S/W
*සාමාන්‍ය අරමුණු ගත යෙදුම් මෘදුකාංග
GENERAL PURPOSE APPLICATION S/W
මේවා වෙලද පලි ලබා ගත හැකි අතර කිසිදු පුද්ගලයෙක් ටහා් ආයතනක් වෙනුවෙන් නිශ්පාදන වුවක් නොවේ .පොදුවේ ෑම නකනෙකුටම භාවිතයට ගත හැකි පරිදි මෙම මෘදුකාංග නිශ්පාදනය කර ඇත.මෙම මෘදුකාංගය මූලික කාණ්ඩ නාම කිහිපයක් ඔස්සේ විස්තර කළ හැකිය.
වදන් සැකසුම් මෘදුකාංග(WORD PROCESSER)
මෙම මෘදුකාංග ලිපි,වාර්ථා,විවිධ ලේඛන සැකසීම සදහා භාවිතයට ගනී.එසේම එවන් ලේඛන ගබඩා කර තබා ගැනීමට මෙන්ම මුද්‍රණය කරගැනීම සදහාද මෙම මෘදුකාංග භාවිතයට ගනු ලබයි.
MICROSOFT WORD
DOCUMENT WRITE
WORD PERFECT
WORD PRO
WORD STAR
වැනි මෘදුකාංග මේ යටතට ගැනේ.
පැතුරුම් පත් මෘදුකාංග
මෙම මෘදුකාංග දත්ත විශ්ලේෂණය කර ගැනීමට ,සංවිධානය කරගැනීමට,ප්‍රස්ථාර ලෙස ඉදිරිපත් කිරීම වැනි කටයුතු සදහා මෙන්ම,TEGER,ගිණුම්,අය වැය හා මූල්‍යමය වාර්ථා පිළියෙල කිරීම කාර්යයන් සදහාද උපයෝගී කර ගනී.මේ යටතට ගැනෙන්නේ ,
MS EXCEL
CROEL QUATTRE PRE
LOTUES 123
VISICAL
දත්ත කළමණාකරණය පද්ධතිය.(D B M S )
මෙය භාවිත කරනු ලබන්නේ දත්ත රැස් කිරීමට,සංවිධානය කිරීමට ,අවශ්‍ය පරිදි දත්ත දත්ත වර්තා ලබා ගැනීම,දත්ත කළමණාකරණය සිදු කිරීම සදහා මෙන්ම,අපට තීරණයක් ගැනීමට අවශ්‍ය විටදී එම දත්ත තොරතුරක් ලෙස පරිවර්ථනය කරගැනීමටද මෙම මෘදුකාංග වර්ගය වුවමනා වේ.
MS ACCESS
MY S Q L
SQL SERVER
ORECAL
DBEASE +++
ඉදිරිපත් කිරීමේ මෘදුකාංග(PRESENTATION S/W)
මෙමගින් ප්‍රේක්ෂකයන්ට බහු මාධ්‍ය ඉදිරිපත් කිරීම් සිදු කිරීමට හැකි වේ.එමගින් ඉදිරිපත් කරනු ලබන කරුණු පැහැදිලිව ක්රමාණුකූලව වඩාත් ආකර්ශනීය ලෙස ඉදිරිපත් කළ හැකිය.
MS POWERPOINT
FREE LANCE GRAPHIC
COREL PRESENTTATION
මේ කරුණු ටික අදට ඇති තව ටිකක් ඊළග පෝස්ට් එකෙන් දාන්නම්කෝ.දැන් නික්ම යන්න කාලය ඇවිත්

Wednesday, January 5, 2011
සිංහල අක්ෂර මාලාව
අද මම කියන්න යන්නෙ ලාංකික අපි බොහෝ පිරිසක් භාවිතා කරන සිංහල අක්ෂර මාලාව ගැන මම දන්න අයුරින් ඔය කස්ටියව දැනුවත් කරන්න මමත් තවම ඉගෙන ගන්නවා ඒත් දන්න දේ හුවමාරු කරගන්න එක වටිනවා කියන එකයි මගේ අදහස.
සිංහල ලියන්න අපේ කස්ටිය අක්ෂර මාලාවක් භාවිත කරත් බොහෝ දෙනෙක් දන්නෙ නැහැනෙ මේ අක්ෂර ටිකවත්.අකුරු කීයක් තියෙනවද සිංහල හෝඩියට කියල ඇහුවොත් බොහෝ දෙනෙක් ඒක දන්නෙත් නැහැ.ඒක නිසා මම මේ අක්ෂර මාලාව ගැන දන්න ආකාරයට ඔය කස්ටියට කියන්නම්.වැරදි දෙයක් තියෙනවනම් මට කියන්න .ඒ වාගේම මේ පැත්තෙන් වැඩි දුර දන්න කස්ටිය ඉන්නවනම් මටත් ටිකක් කියල දෙන්න.
මේ ගැන ලියන්න කලින් තව දෙයක් කියන්න ඕනි ඒ තමයි "සුඡීව සිරිමෙවන් ඇදුරුතුමන්ට" ස්තූති කරන්න ඕනි.
ඔන්න එහෙනම් මම වැඩේ පටන් ගත්ත,
ලොකයේ භෂා දහස් ගණනක් ඇතත් ඒ සෑම භාෂාවකටම අක්ෂර මාලාවක් හෙවත් හෝඩියක් නොමැත.අක්ෂර මාලාවක් හෙවත් හෝඩියක් ඇත්තේ ලේඛන ක්‍රමයක් ඇත් භාෂාවකට පමණි. භාෂාවකට ප්‍රධාන ප්‍රභේද 02 ක් පවතී.
01 කතා ව්‍යවහාරය (කට බස )
02 ලේඛන ව්‍යවහාරය
එදිනෙදා අප සමාඡයේ පුද්ගලයින් විසින් තම හැගීම් හා අවශ්‍යතා අනෙකුත් අය සමග හුවමාරු කර ගැනීමේ දී බෙහෙවින් භාවිත වන්නේ කතා ව්‍යවහාරයයි. භාෂාවක මුලින්ම පහළ වන්නේත් කතා ව්යවහාරයයයි. කතා ව්‍යවහාරය කිසියම් සංකේත ක්‍රමයක් මගින් සටහන් කොට තැබූ විට ලේඛන ව්‍යවහාරය පහළ වේ . ලේඛන ව්‍යවහාරය වෙනස් නොවී පවතින අතර කතා ව්‍යවහාරය ඉක්මනින්ම වෙනස් වන නිසා කතා ව්‍යවහාරයත් ලේඛන ව්‍යවහාරත් අතර ප්‍රබල වෙනසක් හට ගනී. එහෙත් කතා කිරීමට අවශ්‍ය වන්නේ උච්චාරණේන්ද්‍රිය පද්ධතියක් පමණි.එසේ වුවද ලේඛනය සදහා අක්ෂර මාලාවක් අවශ්‍යවේ .
සෑම භාෂාවකටම ඒ එක් එක් භාෂාවන්ට අනන්‍ය වූ ශබ්ද මාලාවක් තිබේ. භාෂාවක ඇති එම ශබ්ද සංකේතවත් කරන "රූප මාලාව අක්ෂර මාලාවක් හෙවත් හෝඩියක් ලෙස හැදින්වේ".
සිංහල භාෂාව සතුව සියවස් ගණනක් පැරණි අඛන්ඩ ලේඛන සම්ප්රදායක් ඇත.එබදු අඛන්ඩ ලේඛන සම්ප්රදායක් පවතින බැවින්ම සිංහල භාෂාව සතුව අක්ෂර මාලාවක්ද තිබේ.එසේ වුවත් 13වන සියවස දක්වාම එක් තැන් කරන ලද අක්ෂර මාලාවක් හමුනොවේ.මුලින්ම එක්තැන් කරන ලද අක්ෂර මාලාවක් හමුවන්නේ "13 වන සියවසේ නැතහොත් දඹදෙණියුගයේදීය". දඹදෙණි යුගයේ "පතිරාඡ පිරිවෙන් පති හිමි" වන "විදේහ හිමියන් හෝ අනොම දස්සී හිමියන් " අතින් රචනා වන්නට ඇතැයි සැළකෙන "සිදත් සගරාවෙහි" මුල්ම සිංහල හෝඩිය අන්තර්ගතව තිබේ. එය "සිදත් සගරා සිංහල හෝඩිය" නම් වේ.
එහෙනම් අදට මේ ටික ඇති එක දවසෙම ඔක්කෝම ටික කියන්න ඕනි නැහැනෙ.නේද ?එහෙනම් මම ඊළග පෝස්ට් එනකන් ඉතුරු ටික කියන්නම්.

Subscribe to:
Posts (Atom)