Pages

ජීවිතය

ජීවිතය

Friday, January 28, 2011

පරිගණක මෘදුකාංග

ඔන්න ගොඩක් කාලෙකට පස්සේ ආවා බ්ලොග් එක පැත්තේ.මොකද දැන් ඉතින් ස්කෝලෙත් පටන් ගත්තනේ ඒකත් එක්කම මීට් එකත් පටන් ගත්තා.ඒත් ස්කෝලෙ නොගිහින් පුළුවන්ද?නේද?අනිත් පැත්තෙන් ඉතින් පන්ති මේ සේරම වැඩ අස්සේ බ්ලොග් එක පැත්තෙ එන්න වෙලාව හොදටම අඩුයි.ඒත් ඉතින් එහෙම කියලත් බැහැ‍නේ.

ඉතින් අද ස්කොලෙත් නැහැ පන්තිත් නැහැ.ඒක නිසා මම ආවා ‍බ්ලොග් එක පැත්තේ කස්ටිම හොදින් ඇති කියලා හිතනවා.ආපු එකේ මොනවා හරි කියලම යන එක හොදයි කියල හිතුනා ඒක නිසා මම අද කියන්න යන්නේ "computer software" එහෙමත් නැත්තම් "පරිගණක මෘදුකාංග" ගැන පොඩි පොඩි කරුණු කීපයක්. මම දැන් කියන කරුණු බොහෝ දෙනෙක් දන්නවා ඇති ඒත් නොදන්න සුළු පිරිසක් හරි ඇති කියලත් මම හිතනවා ඒ අයට මේ ටික වැදගත් වෙයි.

අපි හැමෝම පරිගණකයක් පරිශීලනය කිරීමේ දී බොහෝ විට යොදාගන්න දෙයක් තමයි මේ පරිගණක මෘදුකාංග.ඉතින් කට්ටිය මේවා කොතෙක් භාවිතා කළත් නොදන්න දෙයක් තමයි මේවා හදන්නේ කුමක් අරමුණු කරගෙනද ,කවුද මේවා හදන්නේ,මොන මොන කොටස් වලටද මේවා අයත් වෙන්නේ යන කරුණු.මේවා පොඩි දේවල් වුනාට මෘදුකාංගය භාවිතා කිරීමේදී එය භාවිතා කිරීමට මේ කරුණුත් සමහර විට අවශ්‍ය වෙයි.

හරි දැන් අපි බලමු "පරිගණක මෘදුකාංගයක් කියන්නේ මොකක්ද කියල ඉතාම කෙටියෙන්.

පරිගණක මෘදුකාංගයක් කියන්නේ පරිගණක වැඩසටහනකටය.පියවරින් පියවර පරිගණකයට ලබා දෙන උපදෙස් පරිගණක වැඩසටහනක් යනුවෙන් හැදින්වේ.පරිගණකය,අප ලබාදෙන උපදෙස් වලට අනුකූලව ක්‍රියා කරයි.එම උපදෙස් වලට පිටතින් කිසිදු ක්‍රියාවක් සිදු නොකරයි. පරිගණක ‍මෘදුකාංග කොටස් දෙකකි.

01.යෙදුම් මෘදුකාංග(application s/w)

02.පද්ධති මෘදුකාංග(system s/w)

01.යෙදුම් මෘදුකාංග(application s/w)

යෙදුම් මෘදුකාංග පරිගණක පරිශීලකයන් භාවිත කරන "END USER" නමින්ද හැදින්විය හැක.යෙදුම් මෘදුකාංග නැවත් කොටස් දෙකකි.

*සාමාන්‍ය අරමුණු ගත යෙදුම් මෘදුකාංග
GENERAL PURPOSE APPLICATION S/W

*විශේෂ අරමුණු ගත යෙදුම් මෘදුකාංග
SPECIE PURPOSE APPLICATION S/W



*සාමාන්‍ය අරමුණු ගත යෙදුම් මෘදුකාංග
GENERAL PURPOSE APPLICATION S/W

මේවා වෙලද පලි ලබා ගත හැකි අතර කිසිදු පුද්ගලයෙක් ටහා් ආයතනක් වෙනුවෙන් නිශ්පාදන වුවක් නොවේ .පොදුවේ ෑම නකනෙකුටම භාවිතයට ගත හැකි පරිදි මෙම මෘදුකාංග නිශ්පාදනය කර ඇත.මෙම මෘදුකාංගය මූලික කාණ්ඩ නාම කිහිපයක් ඔස්සේ විස්තර කළ හැකිය.

වදන් සැකසුම් මෘදුකාංග(WORD PROCESSER)

මෙම මෘදුකාංග ලිපි,වාර්ථා,විවිධ ලේඛන සැකසීම සදහා භාවිතයට ගනී.එසේම එවන් ලේඛන ගබඩා කර තබා ගැනීමට මෙන්ම මුද්‍රණය කරගැනීම සදහාද මෙම මෘදුකාංග භාවිතයට ගනු ලබයි.

MICROSOFT WORD

DOCUMENT WRITE

WORD PERFECT

WORD PRO

WORD STAR

වැනි මෘදුකාංග මේ යටතට ගැනේ.

පැතුරුම් පත් මෘදුකාංග

මෙම මෘදුකාංග දත්ත විශ්ලේෂණය කර ගැනීමට ,සංවිධානය කරගැනීමට,ප්‍රස්ථාර ලෙස ඉදිරිපත් කිරීම වැනි කටයුතු සදහා මෙන්ම,TEGER,ගිණුම්,අය වැය හා මූල්‍යමය වාර්ථා පිළියෙල කිරීම කාර්යයන් සදහාද උපයෝගී කර ගනී.මේ යටතට ගැනෙන්නේ ,

MS EXCEL

CROEL QUATTRE PRE

LOTUES 123

VISICAL

දත්ත කළමණාකරණය පද්ධතිය.(D B M S )

මෙය භාවිත කරනු ලබන්නේ දත්ත රැස් කිරීමට,සංවිධානය කිරීමට ,අවශ්‍ය පරිදි දත්ත දත්ත වර්තා ලබා ගැනීම,දත්ත කළමණාකරණය සිදු කිරීම සදහා මෙන්ම,අපට තීරණයක් ගැනීමට අවශ්‍ය විටදී එම දත්ත තොරතුරක් ලෙස පරිවර්ථනය කරගැනීමටද මෙම මෘදුකාංග වර්ගය වුවමනා වේ.

MS ACCESS

MY S Q L

SQL SERVER

ORECAL

DBEASE +++

ඉදිරිපත් කිරීමේ මෘදුකාංග(PRESENTATION S/W)


මෙමගින් ප්‍රේක්ෂකයන්ට බහු මාධ්‍ය ඉදිරිපත් කිරීම් සිදු කිරීමට හැකි වේ.එමගින් ඉදිරිපත් කරනු ලබන කරුණු පැහැදිලිව ක්‍රමාණුකූලව වඩාත් ආකර්ශනීය ලෙස ඉදිරිපත් කළ හැකිය.

MS POWERPOINT

FREE LANCE GRAPHIC

COREL PRESENTTATION

මේ කරුණු ටික අදට ඇති තව ටිකක් ඊළග පෝස්ට් ‍එකෙන් දාන්නම්කෝ.දැන් නික්ම යන්න කාලය ඇවිත්

Wednesday, January 5, 2011

සිංහල අක්ෂර මාලාව

අද මම කියන්න යන්නෙ ලාංකික අපි බොහෝ පිරිසක් භාවිතා කරන සිංහල අක්ෂර මාලාව ගැන මම දන්න අයුරින් ඔය කස්ටියව දැනුවත් කරන්න මමත් තවම ඉගෙන ගන්නවා ඒත් දන්න දේ හුවමාරු කරගන්න එක වටිනවා කියන එකයි මගේ අදහස.

සිංහල ලියන්න අපේ කස්ටිය අක්ෂර මාලාවක් භාවිත කරත් බොහෝ දෙනෙක් දන්නෙ නැහැනෙ මේ අක්ෂර ටිකවත්.අකුරු කීයක් තියෙනවද සිංහල හෝඩියට කියල ඇහුවොත් බොහෝ දෙනෙක් ඒක දන්නෙත් නැහැ.ඒක නිසා මම මේ අක්ෂර මාලාව ගැන දන්න ආකාරයට ඔය කස්ටියට කියන්නම්‍.වැරදි දෙයක් තියෙනවනම් මට කියන්න .ඒ වාගේම මේ පැත්තෙන් වැඩි දුර දන්න කස්ටිය ඉන්නවනම් මටත් ටිකක් කියල දෙන්න.

මේ ගැන ලියන්න කලින් තව දෙයක් කියන්න ඕනි ඒ තමයි "සුඡීව සිරිමෙවන් ඇදුරුතුමන්ට" ස්තූති කරන්න ඕනි.

ඔන්න එහෙනම් මම වැඩේ පටන් ගත්ත,

ලොකයේ භෂා දහස් ගණනක් ඇතත් ඒ සෑම භාෂාවකටම අක්ෂර මාලාවක් හෙවත් හෝඩියක් නොමැත.අක්ෂර මාලාවක් හෙවත් හෝඩියක් ඇත්තේ ලේඛන ක්‍රමයක් ඇත් භාෂාවකට පමණි. භාෂාවකට ප්‍රධාන ‍ප්‍රභේද 02 ක් පවතී.

01 කතා ව්‍යවහාරය (කට බස )‍‍

02 ලේඛන ව්‍යවහාරය

එදිනෙදා අප සමාඡයේ පුද්ගලයින් විසින් තම හැගීම් හා අවශ්‍යතා අනෙකුත් අය සමග හුවමාරු කර ගැනීමේ දී බෙහෙවින් භාවිත වන්නේ කතා ව්‍යවහාරයයි. භාෂාවක මුලින්ම පහළ වන්නේත් කතා ව්‍යවහාරයයයි. කතා ව්‍යවහාරය කිසියම් සංකේත ක්‍රමයක් මගින් සටහන් කොට තැබූ විට ලේඛන ව්‍යවහාරය පහළ වේ . ලේඛන ව්‍යවහාරය ‍වෙනස් නොවී පවතින අතර කතා ව්‍යවහාරය ඉක්මනින්ම වෙනස් වන නිසා කතා ව්‍යවහාරයත් ලේඛන ව්‍යවහාරත් අතර ප්‍රබල වෙනසක් හට ගනී. එහෙත් කතා කිරීමට අවශ්‍ය වන්නේ උච්චාරණේන්ද්‍රිය පද්ධතියක් පමණි.එසේ වුවද ලේඛනය සදහා අක්ෂර මාලාවක් අවශ්‍යවේ .

සෑම භාෂාවකටම ඒ එක් එක් භාෂාවන්ට අනන්‍ය වූ ශබ්ද මාලාවක් තිබේ. භාෂාවක ඇති එම ශබ්ද සංකේතවත් කරන "රූප මාලාව අක්ෂර මාලාවක් හෙවත් හෝඩියක් ලෙස හැදින්වේ".

සිංහල භාෂාව සතුව සියවස් ගණනක් පැරණි අඛන්ඩ ලේඛන සම්ප්‍රදායක් ඇත.එබදු අඛන්ඩ ලේඛන සම්ප්‍රදායක් පවතින බැවින්ම සිංහල භාෂාව සතුව අක්ෂර මාලාවක්ද තිබේ.එසේ වුවත් 13වන සියවස දක්වාම එක් තැන් කරන ලද අක්ෂර මාලාවක් හමුනොවේ.මුලින්ම එක්තැන් කරන ලද අක්ෂර මාලාවක් හමුවන්නේ "13 වන සියවසේ නැතහොත් දඹදෙණියුගයේදීය". දඹදෙණි යුගයේ "පතිරාඡ පිරිවෙන් පති හිමි" වන "විදේහ හිමියන් හෝ අනොම දස්සී හිමියන් "
අතින් රචනා වන්නට ඇතැයි සැළකෙන "සිදත් සගරාවෙහි" මුල්ම සිංහල හෝඩිය අන්තර්ගතව තිබේ. එය "සිදත් සගරා සිංහල හෝඩිය" නම් වේ.

එහෙනම් අදට මේ ටික ඇති එක දවසෙම ඔක්කෝම ටික කියන්න ඕනි නැහැනෙ.නේද ?එහෙනම් මම ඊළග පෝස්ට් එනකන් ඉතුරු ටික කියන්නම්.
ඔබ කැමතිද මෙම අඩවියට
ඔව්
නැත
Seriale online